මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා හෙට (23) පිළියන්දල පොලිසියට කැඳවීමට යන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඇය චමුදිත සමරවික්‍රම සමග යූ ටියුබ් නාලිකාවල සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර ඇතැම් සාකච්ඡාවලදී ඇය පිළිබඳව ද යම් විවේචනාත්මක කරුණු සාකච්ඡා වී ඇති නමුත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය ගෙන්වන්නේ කවර හේතුවක් ද යන්න පිළිබඳව වාර්තා නොවේ.
කෙසේ වුවද චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල නිවාස සංකීර්ණයක පිහිටි නිවසට පසුගිදා රාත්‍රියේ මැර කණඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ඇය මෙසේ කැඳවීමට නියමිතය.
මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ කිසිදු විමර්ශනයකින් පහර දුන් පුද්ගලයකු පිළිබඳව පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර චමුදිත සමරවික්‍රම අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් මඟින් ඉල්ලා සිටින ලද ආරක්ෂාව පලිබඳව මූලික පියවර ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ඔහුගේ නිවසට ආරක්ෂාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (21) රාත්‍රි නිවේදනයක් නිකකුත් කරමින් පුකාශ කළේය.
වැඩිදුර කියවන්න…
රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා
පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වෙ ඇයි ? චන්දිමාල් ජයසිංහ විස්තර ඇතිව හේතුව කියයි…