බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුෂ්පිකාගේ කිරුළ ගැලෙව්වෙ ඇයි ? චන්දිමාල් ජයසිංහ විස්තර ඇතිව හේතුව කියයි…

පුෂ්පිකාට මිස් වර්ලඩ් ජාත්‍යාන්තර සංවිධානයත් නඩු දාන්න සූදානමින්...

by editor
පෙබරවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චන්දිමාල් ජයසිංහ  මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ වරයාය. මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් අභිධානය සහිතව ඔවුන් විසින්ම කිරුළු පළඳවා ලෝකයට රැගෙන ගිය ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ අද සිට ඉවත් කරන බව මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ආයතනය නිවේදනය කළේය. එහි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඒ සම්බන්ධව අද ලිඛිතව නිවේදනය කළේය. පුෂ්පිකා ද සිල්වාට ශ්‍රී ලංකා විවාහක රූ රැජණ   කිරුළ ලබා දීමට එරෙහිව ඒ වකවානුව වනවිට සාධනීය විරෝධයක් මතුවුවත් ඒ සම්බන්ධව සංවිධායක ආයතන සැලකිල්ල යොමු කළේ නැත.  දැඩි ස්ථාවරයක සිට ඔවුන් විසින් තොරා ගත් ශ්‍රී ලංකා විවාහක රූ රැජණගේ කිරුළ ඔවුන්ටම ඉවත් කිරීමට සිදුවීමේ දෛවෝපගත සිදුවීම පිළිබඳව ලංකාසර චන්දිමාල් ජයසිංහ සමග ලංකාසර කළ  විශේෂ සාකච්චාවක් පහත දැක්වේ.

චන්දිමාල් ජයසිංහ
  • ඔබ සංවිධානය පුෂ්පිකා ද සිල්වාගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජණ අභිධානය ඉවත් කළා කියලා ප්‍රකාශ කරලා තියනවා. එය පැහැදිලි කළ හැකි ද?

ඔව්… අද දවසේ ඉඳලා පුෂ්පිකා ද සිල්වාට  ලංකාව තුළ හා ජාත්‍යාන්තරව   “මිස් ශ්‍රී ලංකා“  කියන සන්නාමය යටතේ පෙනී ඉන්න බෑ.

ඒ තීරණය ගන්න සාධනීය හේතු රැසක් තියනවා.  අන්තිම දවස් ටිකේ ඇයගේ හැසිරීම් අපි අධ්‍යයනය කළා. මිස් වර්ල්ඩ් සංවිධානයෙන් මට දෙවරක් දැනුම් දුන්නා ඇය සම්බන්ධව තීරණයක් ගන්න කියලා.  මොකද එයා මිස් වර්ල්ඩ් එකට, ඒකෙ වයිස් ප්‍රසිඩන්ට,  රෝසි සේනානයක මැතිණියට, මට, මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් සන්නායමට විශාල හානියක් කරනවා.  ඒ හානිය ඇය කරන්නෙ කිසිම සාක්ෂියක් හෝ සත්‍ය තොරතුරක්, නිශ්චිත පදනමක්  නැතිව.

පුෂ්පිකා ද සිල්වා ලෙස එයාට ඕන දෙයක් කරන්න පුලුවන්. මොකද ඒක එයාගෙ පුද්ගලික නිදහස. නමුත් මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් විදිහට අපිත් එක්ක ඇයට ගිවිසුමක් තිබ්බා.     මිසිස් වර්ල්ඩ් තරගයට යනකොට එයා එම සංවිධානයේ  නීති රීති සහ එකඟතවලට යටත්ව  ජය පරාජය එක සේ පිලිගැනීම සඳහා අත්සන් කර ශපථ වුණු කෙනෙක්.

එහෙත් ඇය එම ජාත්‍යාන්තර තරගයේ විනිශ්චය මණ්ඩලයත්, ලෝක විවාහක රූ රැජණ කිරුළ දිනූ ඇමරිකානු රූ රැජණත් අවතක්සේරුවට ලක් කරමින් එයා ජයග්‍රාහිකාව කියලා කියා ගන්නවා. ඒ සියල්ල හරහා මුලු තරගයටම විශාල හානියක් වුනා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මිසිස් වර්ල්ඩ් ආයතනය මට දෙවතාවක් ඇය ගැන තීරණයක් ගන්න කියලා කියන්නෙ ඒ නිසා. ඒ අනුව තමයි අද දවසෙ තීරණය කළේ  ඇයට ලබා දුන්න සියලුම සන්නාමයන් ඉවත් කරන්න.

  • ඒ කියන්නේ ඔබ මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ආයතනයේ ජාතික සංවිධායක ලෙස  ලංකාවේ විවාහක රූ රැජණ කියන සන්නාමය ඇයගෙන්  ඉවත් කළ බවයි කියන්නෙ?

ජාත්‍යාන්තරව එයාට කිසිම සම්මානයක් ලැබුණෙ නෑ. ඇය තරගාවලියට සහභාගී වුනා විතරයි. මෙහිදී අපට කරන්න පුලුවන් දේ  තමයි අප කළේ. මොකද මේ දක්වා  ඇය සියලු ප්‍රකාශ   නිකුත් කරන්නෙ ඇයගෙ ශ්‍රී ලංකා විවාහක රූ රැජණ කියන අභිධානය යටතේ.

අප වගේම මේ කාලය තුළ ඇයගේ හැසීරම් රටාව අධ්‍යයනය කර ඇති මිසිස් වර්ල්ඩ් තරගාවලියේ සංවිධායක ආයතනය නෛතික ක්‍රියාවලියකට යොමු වෙලා තියනවා.

මොකද මිසිස් වර්ල්ඩ් එකට යනකොට එයා විශාල එකඟතා ප්‍රමාණයකට අත්සන් කරනවා.  ඇමරිකාවට  ගියාට පස්සෙත් ඒ එකඟතා වලට ලිඛිතව අනුමැතිය ලබා දී බැඳෙනවා. එහෙම කරපු ඇය තරගය නිමා කරලා ලංකාවට  ඇවිත් විවිධ විෂම ප්‍රකාශ කරනවා. තරගයේ ජයග්‍රාහිකාව සම්බන්ධවත් විවිධ පාර්ශවයන් සම්බන්ධව කිසිම පදනමක් නැතිව චෝදනා කරනවා. ඒවාට තීන්දු ගන්න අයිතිය තිබෙන්නෙ ඔවුන්ට.

ලංකාව පැත්තෙන් මට තියන බලතල අනුව තමයි මා ඒ අභිධානය ඇයගෙන් ඉවත් කළේ. මොකද අපිත් බැඳිලා ඉන්නවා ඒ අයට.

කැරොලයින්ගේ සිද්ධිය වෙලාවෙ පවා මිස් වර්ල්ඩ් සංවිධානය ඊට මැදිහත් වුනේ නෑ, ඔවුන් කීවෙ ඔබට අවශ්‍ය පියවර ගන්න කියලා.  ඒ නිසා තමයි විනිශ්චය මණ්ඩලය ගත්තු තීන්දුවට අනුව මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ පුෂ්පිකාට දුන්නේ.

ඉතින් අපි ඒ වෙලාවෙත් ගත්තේ එයාගෙ පැත්තේ. එහෙම හැම දේම හොඳින් කරලා ලෝක විවාහක රූ රැජණ තරගයට ගිහිල්ලා, අවසාන හය දෙනාට තේරිලා ඒ රටින් ඇවිත් දවස් දෙකකට පස්සේ තමයි ඇයට මේ හිතෙන හිතෙන දේවල් කියන්න ගන්නෙ.

පුෂ්පිකා ද සිල්වා
  • ඔබ ඇයට මේ හානිය ගැන දැනුම් දී ඒ පිළිබඳව දැනුම්වත් කළේ  නැද්ද?

පුෂ්පිකා කතා කරන වචනයක් ගානෙ වෙන විනාශය ගැන එයාට පෞද්ගලිකව කතා කරලා කිව්වා. එයාගෙ කළමනාකරුට කතා කරලා කිව්වා.  මම එන්තරවාසියක් මගින් දැනුම් දුන්නා. ඒ කිසිම දෙයක් අහන්නෙ නැතිව ඇයගේ මතය දිගින් දිගටම සජීවීව ඇවිත් කියන්න ගත්තා.

වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීම කොතැනින් හෝ නවත්වන්න  ඕන නිසා තමයි අපට මේ තීන්දුවට එන්න වුනේ. මොකද  අපිට ඇය කියන කතා සම්බන්ධව කිසිම වගකීමක් ගන්න බෑ.

මම ජාතික අධ්‍යක්ෂවරයා විදිහට ජාත්‍යාන්තර තරගයක් නරඹපු කෙනෙක් විදිහට ඒ විනිශ්චයට හා විනිශ්චය මණ්ඩලය විවේචනය කරන්නට හෝ   ඒ විනිශ්චයට එරෙහි වෙන්නට බෑ. එය මමත් අත්සන් කරලා පිලිගත්ත දෙයක්.

මේ තත්ත්වය සුදුසු නෑ. එය නවතින්න ඕන. පිට පිට අවුරුදු දෙක්ක හානි වුනේ ශ්‍රී ලංකා වර්ල්ඩ් සන්නාමයට. මිසිස් වර්ල්ඩ් සන්නාමයට.

  • අවුරුදු දෙකක් පුරාම සමාජ මාධ්‍ය ගතතොත් පුෂ්පිකා සම්බන්ධව   ගැන මත පලවුනා. ඇය ඇයගේ චරිත ස්වරූපය ප්‍රකාශ කළා. මිසිස් ශ්‍රී ලංකා කිරුළ ඇයට ලබා දෙද්දි  ඒ සම්බන්ධව සැලකිලිමත් වුනේ නැද්ද?

කෙනෙකුගේ පෞද්ගලික ජිවිතය මිස්වර්ල්ඩ් තරගාවලියට හෝ මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරගාවලියට හෝ මට බලපාන්නෙ නෑ.  තරග නීති රීතිවල උල්ලංඝණය කරමින් කටයුතු කරන අවස්ථාවක් තෙක් කෙනෙකුගේ    පුද්ගලික ජීවිතය හෝ ඇය පිළිබඳ පලවන ඕපාදූප එම කිරුළට  බලපෑමක් කරන්නෙ නෑ.  හැබැයි ඇය අත්සන් කරලා තියන, පොරොන්දුවෙලා තිබෙන  එකඟතා සහ සම්මුතීන් බිඳ දමනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. මේ වුනේ එයයි .

ඇය මිසිස් වර්ල්ඩ් එකට හෝ රෝසි සේනානයක මහත්මියට හෝ මට හෝ කිසිම චෝදනාවක් නොකර තමයි ඇමරිකාවෙ තරගාවලියට ඇය යන්නේ.  ඇවිත් තමයි ඇය මේ චෝදනා කරන්නෙ.

  • කොහොමද ඇයගේ මේ වෙස් මාරුව ඇතිවෙන්නෙ?

ඒක තමයි ප්‍රශ්නය. අපිත් එක්ක එකට වැඩ කරලා, එයා එයාගෙ ජොබ් එක හරියට කරලා, අවසාන හය දෙනා අතරට ඇවිත්, ඒ විනිශ්චය පිළගෙන වේදිකාවෙත් බොහොම ලස්සනට ඉඳලා ලංකාවට එන්න කලිනුත් ලයිව් ඉන්ටර්විව් එකකට මාත් සමගම ඉඳලා, ලබා ගත් ස්ථානය ගැන බොහොම සතුටින් කතා කරලා සියලු දෙනාටම ස්තුති කරලා එයාපෝට් එකෙන් ලංකාවට ඇවිත් දවස් තුනකින් විතර තමයි ඇය මේ හිතෙන හිතෙන ප්‍රකාශ කරන්න ගන්නේ.

කොච්චරද කියනවා නම් විනිශ්චය මණ්ඩලයට බැනගෙන එම තරගයේ ජයග්‍රාහිකාව ඇය යැයි කියාගන්නා මට්ටමට ඇය පත් වුනා.

තරගය සම්බන්ධව ඇයත් එක්ක තිබුණ ගනුදෙණුව අවසන් නිසා මම ඇයත් එක්ක කතාබහ කළෙත් නෑ. ඊට පස්සෙ තමයි ඇය ඔය කතා කියන්න ගත්තෙ. ඒවට පියවර ගන්නෙ නැතිව ඉන්න බෑ. ඒ නිසා තමයි මේ පියවර ගන්නේ.

  • මුදල් ගනුදෙණුවක් සම්න්ධව ලොකු ප්‍රකාශයක් ඇය කරනවා. හුවමාරු වෙච්ච එස්.එම්.එස් පණිවිඩ සජීවීව පෙන්වනවා. ඇය මේ සියලුදේ ඉදිරිපත් කරන්නෙ දැඩි විශ්වාසයකින්.

ඇය ඉදිරිපත් කරන දේවල්වල වගකීම මට ගන්න බෑ. ඒක තිබෙන්නෙ ඇය සතුව. මම ඊයේ වැඩසටහනකදි ඒ සියලු දේ ප්‍රතික්ෂේප කළා.   ඇය කියනදේවලට ඇයම තමයි උත්තර දෙන්න ඕන.

මම කිසිම ඒ දේකට කතා කරන්නෙ නෑ. ඇයට උත්තර දෙන්න වේවි.

කැරොලයින් ජූරි පුෂ්පිකාට එම කිරුළ පැලඳු මොහොතේම එය ඇයට නුසුදුසු බව කියමින් ගැලවූ අයුරු….
  • මේ ප්‍රකාශ අපහාස විදිහට ගන්නවා නම් ඔබ මොකද කරන්නේ.

මේ වනවිට මා මිලියන දෙසීයකුත්, රෝසි සේනානායක මැතිනිය මිලියන  පන්සීයකුත්, ඉල්ලලා එන්තරවාසි යවා තිබෙනවා.  ධනුට කියන්න යූටියුබ් වැඩසටහනේ ධනු ඉන්නසිතම්බිටත් ඇය අපහාසාත්මක ප්‍රකාශ  නිකුත් කරලා තිබුනා. ධනුත් අද මිලියන 200ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් ඇයට යවලා  තියනවා.

අපටත් ලයිව් ඇවිත් කොල කෑලි පෙන්නවන්න පුලුවන්. ඒත් වගකිවයුතු පුද්ගලයො විදිහට  අපි නීතිමය පැත්තෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ගවලට තමයි යන්න සූදානම් වෙන්නෙ. ඒ ක්‍රියාමර්ග මම රෝසි සේනානයක මහත්මිය අරන් තියනවා. මිසිස් වර්ල්ඩ් ආයතනය ඇය සම්බන්ධව නීතිමය කටයුතු සඳහා යොමු වෙලා තියනවා.

මේ වෙලාවෙ සංවිධානයක් වශයෙන් අපට කරන්න පුලුවන් හොඳම දේ තමයි අප ක්‍රියාත්මක කළේ.

  • මිසිස් වර්ල්ඩ් සංවිධානය මේ වගේ අවස්ථාවක ඇය සම්බන්ධව කුමණ පියවරක් ගනීද?. ඇය ඒ තරගාවලියට සහභාගී වූ කෙනෙක් විතරයි.  

මා හිතන්නෙ ඇය සම්බන්ධව නෛතික පියවරක් ඔවුන් ගනී. ඔවුන් ප්‍රමාණවත් වන්දි මුදලක් ඉල්ලා ඇයට නඩු පවරයි. මොකද ඇය ලෝක සංවිධානයකට ඇඟිල්ල දික්කරලා තියෙන්නෙ. ඇය කියනවා ඇයට විනිශ්චයකරුවන් පැවසුවා කියලා ඇය ජයග්‍රාහිකාව බව. ඇයට ඒ සඳහාවන සාක්ෂි මොනවා හරි තිබෙනවා නම් ඔප්පු කරගත හැකි දේ තියනවා නම් ඇය ඒවා ඉදිරිපත් කරනු ඇති.

ඒ වගේ රෝසි සේනානායක මැතිණිය ඇයගේ පරාජයට හේතුවක් වූ බවට ඇය සාධක සහිතව ඔප්පු  කළ යුතුයි.

මිසිස් වර්ල්ඩ් සංවිධානයට පිළිතුරු දිය යුත්තේ ඇයමයි. ඇයයි ඒ චෝදනා ඉදිරිපත් කළේ.

සංවාද සටහන – සුපී තමෝදි

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුෂ්පිකා ගේ කිරුළ ගැලවේ!

Next Post

පුෂ්පිකාට ලෝක විවාහ රූ රැජණ සංවිධායකයත් නඩු දැමීමේ සූදානමක… දැනට නඩු 04යි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.