ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා තිබේ.
Mrs Sri Lanka for Mrs World සංවිධානයේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ බැරෑරුම් විනය හේතු සහ විෂමාචාර නිසා 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජණ අභිධානය ඇයගෙන් ඉවත් කර ඇති බවය.

ඇය මෙම කිරුළට නුසුදුසු බව එම කිරුළ ඇයට පැළඳු අවස්ථාවේම ප්‍රකාශ කර එය ඇයගෙන් ගලවා ඉවත් කළ එවකට ලෝක විවාහක රූ රැජණ වූ කැරොලයින් ජූරිට එරෙහිව ලෝක සංවිධානයට ලිඛිතව පැමිණිලි කර එම අභිධානය ඇයගෙන් ඉවත් කිරීමට මූලික වශයෙන් මැදිහත් වූයේත් Mrs Sri Lanka for Mrs World ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ වීම විශේෂත්වයක් වී ඇත.









