සුපී තමෝදි –
ද්වේශ සහගත අපහාස කිරීම තරගාවලියට එක් වූ තැනැත්තියක් ලෙස තමන් හා බැඳුණු ගිවිසුම් උල්ලංඝණය කිරීම සම්බන්ධව ලෝක රූ රැජණ තරතාවලිය සංවිධායකයින් විසින් පුෂ්පිකා ද සිල්වා සම්බන්ධව නීතිමය ක්‍රියා මාර්ගයකට යෑමට සූදානම් බව වාර්තා වේ.
මේ සම්බන්ධව අදහස් දක්වන Mrs Sri Lanka for Mrs World ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පවසන්නේ එම ජාත්‍යාන්තර ආයතනය පුෂ්පිකා ද සිල්වාගෙන් වන්දි මුදලක් ඉල්ලමින් නඩු මගට බැසීමට කටයුතු කරමින් සිටින බවය.
ඔහු කියන්නෙ පුෂ්පිකා ද සිල්වාගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජණ අභිධානය ඉවත් කිරීමට සිදුවූයේ ලෝක විවාහක රූ රැජණ සංවිධායකයින් ඇයගේ අවිචාරවත් හැසිරීම සහ ප්‍රකාශ සම්බන්ධව යම් පියවරක් ගන්නා ලෙස දෙවරක් ඉල්ලීම් කිරීමෙන් පසුව බවය.
“ඇය ලෝක සංවිධානයකට ඇඟිල්ල දික්කරලා තියෙන්නෙ. ඇය කියනවා ඇයට විනිශ්චයකරුවන් පැවසුවා කියලා ඇය ජයග්‍රාහිකාව බව. අත්තනෝමතික විදිහට විනිශ්චය වෙනස් කර ඇති බව. ඇය ලෝක රූ රැජන කිරුළ දිනූ ඇමරිකානු රූ රැජන අවතක්සේරුවට ලක් කරනවා., ඇයට ඇයගේ ප්‍රකාශ ඔප්පු කිරීම සඳහාවන සාක්ෂි මොනවා හරි තිබෙනවා නම් ඇය ඒවා ඉදිරිපත් කරනු ඇති.“
“මේ වනවිට මා මිලියන දෙසීයකුත්, රෝසි සේනානායක මැතිනිය මිලියන පන්සීයකුත්, ඉල්ලලා එන්තරවාසි යවා තිබෙනවා. ධනුට කියන්න යූටියුබ් වැඩසටහනේ ධනු ඉන්නසිතම්බිත් අපහාස චෝදනා මත මිලියන 200ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් ඇයට යවලා තියනවා.“
“ ලෝක රූ රැජණ සංවිධායකයින්ට වගේම රෝසි සේනානායක මැතිණිය ඇයගේ පරාජයට හේතුවක් වූ බවට ඇය කියන කතාව ඇයට සාධක සහිතව අධිකරණයේ දී ඔප්පු කරන්න සිද්ධ වේවි.“
චන්දිමාල් ජයසිංහ කීවේය.









