සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා පාලනයේ  තවත් ප්‍රතිඵලයක් !  කන්න නැති   රටේ  දරුවන් කොට වීමේ අවදානමක….

by editor
ජූනි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමානයේ ඇතිවන පෝෂණ ඌනතාවය හේතුවෙන්  උසින් අඩු  දරුවන් බිහිවීමේ අවදානමක්  ඇතැයි ප්‍රවීන පෝෂණ විශේෂඥවරියක වන  වෛද්‍ය රේණුකා ජයතිස්ස  පවසයි.  ඇය මේ බව සඳහන් කරන්නේ  ‘නෙත්’ එෆ් එම් සමඟ සාකච්ඡාවකට එකතු වෙමිනි.

පවතින අධික ආහාර මිල සහ ආහාර පාන හිඟය හේතුවෙන් මේ වනවිට ශ්‍රි ලංකාවේ ඇතිවෙමන් පවතින ආහාර අර්බුදයේ තරම තවමත් රටේ ජනතාව තේරුම් ගෙන ඇති බවක් නොනෙන් බව පවසන ඇයය මෙම ආහාර භාවිතාව අඩුවීම පෝෂණය කෙරෙහි තීරණාත්මකව බලපාන බව සඳහන් කරයි.

ඇයට අනුව  මෙම ආහාර අර්බුදය සමඟින් වයස් මට්ටම් පහක් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ ගැන වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන්නේ මෙලෙසිනි.

“පළමු වයස මට්ටම වයස අවුරුදු දෙකට අඩු. මෙම කාලයේදී තමයි ළමයින්ගේ මොළය ඉතා හොඳින් වර්ධනය වන්නේ. මේ නිසා අවශ්‍ය පෝෂණය නිසි ආකාරව මේ කාලයේදී ලබා දිය යුතුයි.

ඊළඟ මට්ටම වයස අවුරුදු පහේ වයස.  දරුවන්ගේ මොළය සේම සිරුරේ වර්ධනය ද සිදුවන්නේ අවුරුදු 5ට අඩු මට්ටමේ දී. එබැවින් එම වයස් මට්ටමේ දරුවන්ගේ පෝෂණය ගැන ද අවධානය යොමු කළ යුතුයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වයස අවුරුදු 10 – 15 වයස් මට්ටමේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් බොහෝ විට දෙමව්පියන් අමතක කරනවා. නමුත් නව යොවුන් වියේ දරුවන්ගේ  වර්ධනයේ උපරිම තත්ත්වයට ගොස් ප්‍රජනන මට්ටම දක්වා  හොඳම මට්ටමට පැමිණෙන්නේ මේ වයස් මට්ටමේදී යි. එම වයස් කාණ්ඩයේ දරුවන්ට නිසි පෝෂණයක් ලබා දිය යුතුමයි. එම පෝෂණය නිසි ලෙස  නොලැබීමෙන් කොට පරම්පරාවක් බිහි විය හැකියි.

අපි මේ තත්වය 1970 දශකයේ  අත් දුටුවා. ඒ කාලයේදීත් මෙවැනි ආහාර අර්බුදයක් තිබුණා. මේ කාලයේ වයස අවුරුදු 10 – 15 අතර සිටි දරුවන්ගේ වර්ධනය බාල වුණා.

1973 ඉපදුණු, යොවුන් විය ගත කරපු අයත් උස ගියේ නෑ.  කොට පරම්පරාවක් ඇතිවීමෙන් රටේ ඵලදායිතාව අඩු වෙනවා. ඒක රටේ දියුණුවට බලපානවා..”

මෙම වයස් මට්ටම්වලට අමතරව ගර්භණී මව්වරුන් ගැනත් විශ්ෂ අවධානයක් යොමු කළ යුතුයි. අනෙක් වයස් කාණ්ඩය අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්. ඔවුන්ටත් ශරීරය හොඳ ප්‍රතිශක්තියකින් යුතුව පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. එසේ නැතහොත් ඔවුන් රෝගී විය හැකියි.

මේ ආර්ථික රටාව තුළ රෝගී වුණොත් එක අතකින් ඖෂධ හිගයි. අනෙක වැඩි වියදමක් දරන්න වෙනවා. ඒ  කෙරෙහිත් අවධානය යොමු කළයුතු  බව වෛද්‍යවරිය සඳහන් කළාය.

ආහාර අර්බුදයට විසඳුම් ලෙස රජයේ ආහාර හා සම්බන්ධ සියලු ආයතන දෙපාර්තමේන්තු එක්ව බහු ආර්ථික සැලැස්මක් සකස් කර ගත යුතු බවත් ජනතාවත් පෝෂණ ඌනතාවයක් ඇති නොවන අන්දමින් ආහාර සපයා ගැනීමට උනන්දු විය යුතු බවත් ඇය පැවසුවාය.

“රජයක් විදියට ඉදිරි මාස හයක ක්‍රියාකාරී සැලැස්මක් හදාගන්න ඕනේ. ආහාර එක්ක බැඳුණු දෙපාර්තමේන්තු ආයතන ගොඩක් තියෙනවා. එක එක ආයතනය මොකද කරන්නේ කියලා එක සැලැස්මකට එන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාව, අතේ තියෙන මුදල කළමණාකරණය කරගෙන ආහාර ගන්න ඕනේ.  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරගන්න පුළුවන් විදියට හාල්වලට වැඩි ඉඩක් දෙන්න ඕනේ. මොකද කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය ඒකෙන් පිරිමැහෙනවා.

ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගැනීම තරමක් දුෂ්කර වුණත් කොහොම හරි මස්, මාලු, කරවල හෝ සෝයා වගේ දෙයක් කෑමට එකතු කර ගන්න බලන්න.

විශේෂම දේ පළා. ගෙදර මල් පෝච්චි පහක පළා වර්ග පහක් හිටෙව්වත් දවස් පහට කන්න වර්ග තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ කියන දෙයක් තණකොළ ඇරෙන්න ඕනෑම කොල වර්ගයක් කනවා කියලා. ඉතිං පළා වර්යක් හොයාගන්න එක අපහසුවක් නෑ..

කොස්, දෙල්, මඤ්ඤොක්කා, බතල වගේ දේවල් ලංකාවේ ඕනේ තරම්  තියෙනවා. බත්වල අවශ්‍යතාවය ඒ වගේ ආහාරයකින් අඩු වෙනවා. අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා…”

Share69Tweet43
Previous Post

උතුර නැගනහිර සුහදව වෙන් කරනවා නම් ඩොලර් බිලියන 52ක ණය ගෙවන්නම් – දෙමළ ඩයස්පෝරා සංවිධානයක් කියයි

Next Post

ඉන්දීය හමුදාවේ සහයෙන් කාශ්මීරයේ කාන්තාවෝ තනියම නැගිටති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.