ඉන්දීය හමුදාව කාශ්මීර කලාපයේ විවිධ දිස්ත්‍රික්කවල බොහෝ කාන්තා ස්වයං උපකාරක කණ්ඩායම් පිහිටුවීමට සහය පළ කිරීම මගින් කාශ්මීරයේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් පිරිමින්ගේ සහයක් නොමැතිව ස්වයංව නැගී සිටීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඉපැයීම් කාශ්මීර කාන්තාවන් ස්වාධීන කර ඇති බවත් ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට ද උපකාරී වන බවත් සදහන් වේ.
මධ්‍යම කාශ්මීරයේ ගාන්දර්බාල් දිස්ත්‍රික්කයේ කන්ගන් ප්‍රදේශයේ ගන්ඩ් නම් කුඩා ගම්මානයේ කාන්තාවන් විසි දෙනකු ඉන්දීය හමුදාවේ සහය ඇතිව එකතු වී සොනමාර්ග් ආහාර (Sonamarg foods ) නමින් ස්වයං උපකාරක කණ්ඩායමක් ආරම්භ කර තිබේ.
ඔවුන් අච්චාරු සහ ජෑම් සාදන අතර ඔවුන්ගේ නිෂ්පාදන කාශ්මීරයේ පමණක් නොව ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලට ද අලෙවි කරන බව පැවසේ.
ඇපල් ජෑම් දේශීයව වගා කරන ඇපල්වලින් සාදන අතර අච්චාරු ගන්ඩර්බල් ප්‍රදේශයෙන් නැවුම් ගෙවතු එළවළු වලින් සාදා තිබේ.
නුදුරේදීම මෙම නිෂ්පාදන අන්තර්ජාලය හරහා ලොව පුරා අලෙවි කිරිමට ද කටයුතු කෙරෙමින් ඇති බව පැවසේ.
මෙහිදී ඇසුරුම්කරණය සහ වෙළඳ නාමකරණය ද ඉන්දියානු හමුදාවේ සහාය ඇතිව සිදු කෙරේ.







