අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටෙන්  හොරා කෑ අපේ ධනය ගේන්න කැප වුන  යුරෝපයේ අපේ තරුණයින් ලංකාසරට කී කතාව

උන් හොරා කෑ අපේ සල්ලි අපි කොහොමහරි රටට ගෙනෙනවා....

by editor
ජූනි 3, 2022
in පුවත්
ලහිරු වන්නිනායක

ලහිරු වන්නිනායක

Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට තනතුරින් ඉවත්ව ගෙදර යන ලෙසට බල කරන අරගලකරුවන් කියන තවත් ප්‍රබල සටන් පාඨයක් වන්නේ සොරකම් කළ ධනය ආපසු   ඔවුන්ගෙන් ලබා ගත යුතු බවය. මේ රටේ දේශපාලකයන් විසින්   සොරකම්කොට විදේශවලට රැගෙන ගිය මේ ධනය  සොයා ගෙන යළි අප රටට ගෙන්වා ගත යුතු බවට මේ සටන් පාඨයෙන් කියවෙයි.

එහෙත් මෙය කරන්නේ කෙසේද? මේ සටන පාඨය මේ ලෝකය තුළ සැබෑවක් කිරීමට වෙර දරන තරුණ පිරිසක් පිළිබඳව අලංකාර දැන ගන්නේ  යුරෝපාකරයෙනි.

යහපත් ජීවිතයක් මෙන්ම යහපත් දේශයක බලාපොරොත්තු දල්වාගෙන සිය උසස් අධ්‍යාපන කටයුතුවලට ගොස් සිටි මේ තරුණ තරුණයන්ට ඕනෑ කරන්නේ යුරෝයේ ඇති සාධාරණ ජීවිතය මේ රටේ සෑම කොණකම තරුණ තරුණියන්ටද අත්විඳිය හැකි  පරිසරයක් නිර්මාණය  කිරීමය.

අරගලයත් සමඟ මතු වුණු පවතින දේශපාලන ව්‍යූහයට එරෙහි විරෝධයේ කසකාරයන් වී සිටින ඔවුන්  මේ රටේ දේශපාලකයන් විසින් සොර ගන්නා ලද ධනය ආපසු මව් රටට ගෙන්වා ගනීමේ වැඩපිවෙළක් මේ වනවිට ආරම්භ කර ඇත. අපට මෙ ගැන කියන්නට එක් වූයේ මෙම කණ්ඩායමේ නියමුවකු ලෙස කටයුතු කරන දැනට ජර්මනියේ පදිංචි ලහිරු වන්නිනායකය.

ඒ තරුණ පිරිස…

ලංකාසර – සොරකම් කළ ධනය ආපසු මේ රටට ගෙනවා ගැනීමට තරුණ ඔබ මොනවද කරන්නේ ?

ලහිරු – ශ්‍රී ලංකන් සිටිසන්ස් වොයිස් ඔෆ් ඉන්ටර්නැෂනල්’ කියන්නේ අපේ ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්.  යුරෝපීය රටවල පදිංචි තරුණ තරුණියන් කණ්ඩායමක් එක්ව මෙම  සංවිධානය පිහිටුවාගෙන තිබෙනවා.  දැන් අපේ මූලික අරමුණ  ශ්‍රී ලාංකික ජනතාවගේ මුදල් වංචා කරමින් ඒවා යුරෝපීය රටවල බැංකු ගිණුම්වල තැන්පත් කළ පුද්ගලයන්  සම්බන්ධයෙන්  සොයා බලා එම ගිණුම්  අක්‍රිය කරවා එම බැංකු ගිණුම්වලට මෙරටින් ලැබෙන මුදල් නතර කරවීමයි.

ලංකාසර – ඔබ කොහොමද හිටි හැටියේ මේ කටයුත්තට සංවිධානය වුණේ?

ලහිරු – අපි කණ්ඩායමක් හැටියට මුලින්ම රැස් වුණේ පසුගිය අප්‍රේල් 27 වැනිදා. ඇත්තටම ඊට පසුබිම  වුණේ රඹුක්කනදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ  සිදු වූ මානව හිමිකම් කඩ කිරීම. ඊට  එරෙහි වෙමින් ඒ කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු කරවීමයි අපේ ඉලාපොරොත්තුව වුණේ.  රඹුක්කන ඉන්ධන ලබා ගැනීමට ගිය ජනතාව අතර හටගත් විරෝධතාවයේදී ජීවිතයක් නැති වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. අපි මේ තත්ත්වයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද බාර දුන්නා. එහිදී අපි අතර ඇති වූ සංවාදයෙන් උපන් අදහසක් තමයි අපේ රටේ දෙශපාලකයන් දේශපාලන පවුල් විසින් සොරකම් කරන ධනය ආපසු මව් රටට ගෙන්වා ගැනීම. මේක ගාලු මුවරෙ කරන අරගලයේත් කතා බහට ලක් වූ මාතෘකාවක්. තරුණ තරුණියන් ලෙස අපට ඕන වුණා මේ සඳහා යම් බලපෑමක් කරන්න.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එ අනුව අපේ ඊළඟ අරමුණ  වී තිබෙන්නේ ශ්‍රි ලංකාවේ සොරකම් කළ ධනය ආපසු ලබා ගැනීම සඳහා සමූහයක් වශයෙන් එකට එකතු වී තරුණයන් ලෙස ක්‍රියා කිරීමයි.

ලංකාසර – මේක කරන්නේ කොහොමද? 

ලහිරු  – අප මේ වනවිට හඳුනාගෙන තිබෙන මුදල් වංචා කළ සැලකෙන පුද්ගලයින්ගේ නම්, ඔවුන්ගේ බැංකු ගිණුම් හා එම ගිණුම් තිබෙන රටවල් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් පෙත්සමක්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, යුරෝපා කොමිසමට ,  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතනවලට බාරදීමට කටයුතු කරගෙන යනවා. .

ඒ වගේම මේ වනවිට සොරකම් කළ වස්තුව ආපසු ලබා ගැනීම වෙනුවෙන්ම ක්‍රියා කරන ස්ටෝලන් ඇසට්  රිකවරි’ (Star) ආයතනය  සම්බන්ධ කර ගැනීමටත් අප උත්සාහ කරමින් සිටිනවා.  මෙම ආයතනය ද එක්සත් ජාතීන්ගේ සංවිධානයටම අයත් ආයතනයක්. 2007 වසරේ  සැප්තැම්බර් 17 වැනිදා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙම Star සංවිධානය  විවිධ රටවල පාලකයින්, ජනාධිපතිවරුන් මුදල් හොරකම් කොට එම මුදල් වෙනත් රටවල බැංකුවල සඟවා තබන බවට දිගින් දිගටම පළ වෙන වාර්තා එම ආයතනය පිහිටුවීමට හේතු වුණා .

ලංකාසර – තරුණ තරුණියන් හැටියට ඔබට පුලුවන්ද මේ වගේ ආයතන සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කළ යුතු සේ සඟ ගැටෙන්න

ලහිරු –    “ස්ටාර් ආයතනයට පෙත්සමක් බාරදීමවත් ඒ හා සම්බන්ධ වීමවත් පහසු නෑ.. ඒ වගේමයි එයින් සිදු කරපු සිදුවීම් එකසිය ගාණක් තියෙනවා. නමුත් ඒ වැඩි සංඛ්‍යාවක් සාර්ථක විදියට අවසන් වෙලා මුදල් ආයෙමත් ඒ රටවලට ලැබෙන්න සලස්වලත් තියෙනවා.. වංචා කර සඟවලා තියෙන මුදල් ආයෙමත් ලබා ගන්නවා කියන්නේ ඇත්තටම ඉතා සංකීර්ණ  ක්‍රියා පාටිපාටියක්.. බොහොම අපහසු සංකීර්ණ කාර්යයක්.

මොකද වෙනත් රටවල බැංකුවල තියෙන මුදල් වංචනිකව ලබා ගත්ත ඒවා කියලා ඔප්පු කරන්න පහසු නෑ. මොකද අපි මූල්‍ය අපරාධ කිව්වට මූල්‍ය අපරාධ කියලා ඒවා ඔප්පු කරන්න සාක්ෂි ඕන. සමහර මුදල් වෙන් කරලා තියෙන්නේ විවිධ ආයතනික නම්වලට. එහෙම නැත්නම්  වෙනත් පුද්ගලයින්ගේ නම්වලට.. ඒ වගේම තමයි වර්තමානේ තියෙන ඩිජිටල් තාක්ෂණයත් එක්ක ‘ක්‍රිප්ටෝ මුදල් ඒකක ’ වගේ දේවල්වලට මුදල් යොදවනවා. ඒ මුදල් වංචනික මුදල්, ජනතාවගෙන් හොරකම් කරපු මුදල් කියලා ඔප්පු කිරීමට සංකීර්ණ ක්‍රියා පිළිවෙතක් අවශ්‍යයි. ”

ලංකාසර  – ඔබ කිව්ව මේ ආයකනය සොරකම් කළ ධනය ආබසු ඒ රටවලට භාර දී තිබෙනවා කියල. නිදසුන් කියනන් පුළුවන්ද?

ලහිරු – මේ පිළිබඳව කළ සොයා ගැනීම්වලදී පැහැදිළි වී ඇත්තේ ඇතැම් රටවල දේශපාලකයන් විසින් කොල්ල කන ධනය ආපසු ලබාගෙන ඇති බව හෙළිවුණා.  රුවන්ඩාව ගෝතමාලාව වැනි රටවල ධනය එසේ අත්පත් කරගෙන තිබෙනවා. එහෙත් ඒ ආකාරයෙන්ම ශ්‍රි ලංකාව සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක විය හැකියි.

නමුත් මෙහිදී සැලකිලිමත් විය යුත එක දෙයක් තිබෙනවා. ඒ තමයි රටේ ස්වාධිපත්‍යය සහ සෛවරී භාවය. රුවන්ඩාව, ගෝතමාලාව වගේ රටවල මේ කටයුත්ත සිදු කළේ එම එටවල ස්වෛරී භාවයටත් යම් යම් බාධා එල්ල කරමින්.  අපට ඒ ආකාරයෙන් හ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකියි. රටේ ස්වාධිපත්‍යය තහවුරු වන ක්‍රමයක තුළිනුයි එය සිදුවිය යුත්තේ.

දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි (UNCAC) වත්කම් ප්‍රතිසාධනය පිළිබඳ වැදගත් පරිච්ඡේදයක් ඇතුළත් වෙනවා. එම ප්‍රතිපාදන යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය රුවන්ඩාවට විශේෂ සහයක් ලබා දුන්නා. අපිත් අපේ රටේ ස්වෛරීභාවයට හානියක් නොවන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගයත් මෙම කටයුත්ත සඳහා ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ලංකාසර -මේ සඳහා ශ්‍රි ලංකාවේ රජයෙන් යම් සහයක් ලබා ගැනීමට බලාපොරොත්ත වෙනවද?

ලහිරු- ඇත්තටම මේ වගේ කටයුත්කදී අපට පවතින  නිගමනය තමයි ඒ වගේ දේකට පවතනි රාජ්‍ය යාන්ත්‍රණනේ සහයක් ගන්න ලපුළුවනද කියන එකත. අපේ රටේ ආණ්ඩු මාරු වුනාට මේ සොරකම් නැවතිලා නෑ. නමුත්  නිවැරදි ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් පත් වුවහොත් විවිධ රටවල බැංකුගත කර තිබෙන, ශ්‍රී ලංකා ජනතාවගෙන් සොරා කන ලද මුදල්වලින් සීයට හතළිහක් පමණවත් ඉක්මණින් යළි රටට ලබා ගැනීමට හැකි යයි අපේ විශ්වාසයයි.

ලංකාසර – ඔබ දැනට හදුනාගෙන ඇති ආකාරයට අපේ රටේ දේශපාලනයන් තමන්ගේ සොරකම් කළ ධනය තැන්පත් කර තිබෙන්නේ මොන වගේ රටවලද?

ලහිරු –    ජර්මනිය, සිංගප්පූරුව, වර්ජිනියා ස්විට්සර්ලන්තය, මැලේසියාව හා ඩුබායි වැනි රටවල් රැසකම මෙරට කළු සල්ලි තැන්පත්ව ඇති බවට සැලකෙනවා. විශේෂයෙන් මෑත කාලයේ ඩුබායි හි කලු සල්ලි සුදු කිරීමේ ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන බව විශ්ලේෂණවලදී  අනාවරණය වී තිබෙනවා. අපේ තරුණ තරුණියන් මේ වන විට ඉතා සූක්ෂම ව මෙම තොරතුරු එක්රැස් කරමින් සිටිනවා. අට යම් යම් පුද්ගලයන් මේ තොරතුරු ලබා දෙමින් සිටිනවා.

අප මේ මොහොතේ විශේෂයෙන් එවැනි විශ්වසනීය තොරතුරු සාක්ෂි පවතින පුද්ගලයන්ට කියන්නේ  එවින් චේ අපට ලබා දෙනන්. මොකද මේ වග් පියවරකට යාම තනිවම තරමක් අසීරු  වැනි දෙයක් වෙනන් පුලුවන් අපි ඔබේ රහස්‍යබාවය රකින්නම්.

ලංකාසර – ඔබට මේ වනවිට සහය දෙන්නේ කවුද?

ලහිරු – අපිට ලංකාවේ නීති අංශවල අයගෙන්, ආචාර්ය මහාචාර්යවරුන්ගේ ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් අපිට අවශ්‍ය තොරතුරු එක්රැස් කරලා දුන්නා. අරගලේ ඉන්න අයත් අපට උදව් කළා. . මේ වෙද්දී ගෝල්ෆේස් එකේ ඉන්න අරගලකරුවෝ  එකතු වෙලා පෙත්සමක් අත්සන් කරලා තියෙන්නේ.. ඒකත් හෙට අනිද්දම අපිට ලැබෙයි. අත්සන් ලක්ෂ පහක් විතර තියෙනවා කියලා ආරංචියි.. අපි පස් වෙනිදාට ඒ පෙත්සමත් එක්සත් ජාතීන්ට බාර දෙනවා. ඒත් එක්කම 9 වෙනිදා ගෝල්ෆේස් එකේ ඇතිවුණු තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කරලා 27 වෙනිදා ලබා දුන්නු පෙත්සමේ තවත් දිගුවක් දෙන්න බලාපොරොත්තු වෙනවා..”

ලංකාසර – ලබන පස්වෙනිදා ජිනීවා නුවර සූදානම කොහොමද?

ලහිරු –  යුරෝපයේ සිටින අපි  විවිධ රටවලින්  දහසකට වැඩි සංඛ්‍යාවක් ජූනි පස්වෙනිදා  ජිනිවා නුවරට එකතු වෙනවා. කෙතරම් බාධක එල්ල වුවත් සිය සංවිධානය නොසැලෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකි උපරිමය කිරීම සිය අරමුණ බව ද වංචාවෙන් දූෂණයෙන් අයිති කර ගත් මුදල් රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට හැකි තත්ත්වයක් කෙසේ හෝ නිර්මාණය කරනවා..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය හමුදාවේ සහයෙන් කාශ්මීරයේ කාන්තාවෝ තනියම නැගිටති

Next Post

සැප්තැම්බරයෙන් පසු  අවුරුදු 02 යනකම් දවසට වේල් දෙකයි… අගමැති අනතුරු අඟවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.