මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට යාබදව දිඹුලාගල කැකූළුවෙල වෙල්යායේදි වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කැකුළුවෙල ගොවියෙක් අද ( 25 ) අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවී කාර්යාලය සඳහන් කරයි.
මියගිය වන අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බව මාදුරුඔය වනෝද්‍යානයේ අඩවි වන නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
වී වගාව වන අලින්ගෙන් බේරාගැනීම සඳහා මෙම ගොවියා විසින් නිෂ්පාදනය කරන ලද නීති විරෝධී ගිනි අවියකින් අලියාට වෙඩි තැබූ බවට පරීක්ෂණවලින් හෙළි වී ඇති බව මාදුරුඔය වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
අත්අඩංගුවට පත් වී ඇත්තේ දිඹුලාගල කැකූළුවල ගම්මානයේ පදිංචි අවුරුදු 53 පමණ වයසෙති අයකු බවත්, ඔහු 25 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති








