ලලිත් චාමින්ද –
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සිට හික්කඩුව අතර දුම්රිය හරස් මාර්ගවල ස්ථාපිතකොට ඇති සීනු හා විදුලි සංඥා පද්ධති අතුරින් මේ වනවිට අක්‍රියව පවතින්නේ සිනු හා විදුලි පද්ධති හතරක් පමණක් බවත් අනික් සියල්ල ක්‍රියාත්මක තත්වයේ පවතින බවත් දුම්රිය දේපාර්තමේන්තුවේ සංඥා හා විදුලි සංදේශ අංශයේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු චින්තක ජයවර්ධන පවසයි.
බුස්ස තිලකරත්න මාවත, රත්ගම ඕවකන්ද කපුමුල්ල මාර්ගය, රත්ගම අර්නස්ට ද සිල්වා මාවත සහ හික්කඩුව වැල්ලවත්ත යන දුම්රිය හරස් මාර්ගවල ස්ථාපිතකොට ඇති සිනු හා විදුලි සංඥා පද්ධති අක්‍රිය තත්වයේ පවතින බවද හෙතෙම පවසයි.
මුහුදුබඩ දුම්රියේ මාර්ගයේ බෙලිඅත්ත සිට කළුතර දක්වා දුම්රිය හරස්මාර්ගවල සිනු හා විදුලි සංඥා පද්ධති 154ක් තිබෙන අතර ඉන් අක්‍රිය වි ඇත්තේ සංඥා පද්ධති 06ක් පමණක් බවත් අනික් සියලු සිනු හා විදුලි සංඥා පද්ධති ක්‍රියාත්මක තත්වයේ පවතින බවත් චින්තක ජයවර්ධන පෙන්වා දෙයි.
දුම්රිය හරස් මාර්ගවල ඇති සිනු හා විදුලි පද්ධතියක් අක්‍රිය වුවහොත් එම පද්ධතිය ක්ෂණිකව අලුත්වැඩියා කිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.
රත්ගම විජේරත්න දුම්රිය හරස් මාර්ගයේ ඊයේ (24) රාත්‍රි දුම්රියක ගැටිමෙන් මියගිය පුද්ගලයා මෙම හරස් මාර්ගයේ ඇති සිනු හා විදුලි සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන්කොට ඇති බව අනාවරණය වි ඇති බැව් සංඥා හා විදුලි සංදේශ අංශයේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකාරවරයා වැඩිදුරටත් සදහන් කරයි.