බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරික්සුම් කවුන්ටරවල අද (25) අලුයම කාලයේ ඇතිවූ ප්‍රමාදය සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා ඇති වූ තාවකාලික ප්‍රමාදයක් බවත් එය කිසිම ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම පැහැදිලි කළේය.
මෙම ප්‍රමාදය නිවැරදි කර එතැන් සිට පිරික්සුම් කවුන්ටර මෙහෙයුම් ස්ථාවර වී සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ද ගුවන් සමාගම කීවේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපහසුතාවයට පත් වූ සෑම මගියෙකුගෙන්ම සමාව අයදින අතර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන බවට ද සහතික වන බව පවසයි.