අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු අධ්‍යාපනඥයන් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව, ඉසුරුපාය ලඟ තියුණු විරෝධයකට සූදානම්!

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන සඳුදා (08) රටේ සියලුම සියලුම ගුරු අධ්‍යාපනඥයන් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයත් පාර්ලිමේන්තුව අසලත්,  අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය  වටලමින් එය ඉදිරිපිටත් තියුණු විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය නිවේදනය කරයි.

ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ට අනුව  පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතියට එක් කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගුණාත්මක ගුරුවරයෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය  හදා   දෙන ඉල්ලමින්   විද්‍යාපීඨ 19ක සහ ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් විසින් මේ වනවිට දියත් කර ඇති අරගලයේ ඉදිරි අදියරක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කළ බව එම සංගමය පැහැදිලි කළේය.

පුද්ගලික විශ්වවිද්‍යාලයක උපකුලපති කමක් දරන අතරම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය කරන ආචාර්ය උපාලි සේදර විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම  යටතේ පිහිටුවන පිළිගත් විශ්වවිද්‍යාලයක් සඳහා දිගින් දිගටම විරුද්ධ වන බවත් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් අහෝසි කළ යුතු යන මතවාදයේ සිටින මෙම ලේකම්වරයා රජයේ පිළිගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර විධිමත් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ඉඩ නොදෙන බවත් තමන් යළි යළිත් හෙළි කරද්දී   නෑසූකන්ව සිටින  අධ්‍යාපන බලධාරීන් ගෙනයන අත්තනෝමතික හැසිරීම මේ විරෝධාතාවය  ඔස්සේ ප්‍රශ්න කරන බවත් ඔවුහු පැවසූහ.

අචාර්ය උපාලි සේදරගේ යූජීසී විරෝධය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“  හිටපු අධ්‍යාපන ඇමතිවරුන් දෙදෙනෙක් සමග අප ඉතාම සාධනීය සාකච්ඡා පවත්වාගෙන ආවා. අප ඉල්ලන්නේ වැටුප් නොවෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අභිමතය පරිදි   අතිශය දුර්වල ආයතනයක් වූ  ජාතික අධ්‍යාපන ආයතනය යටතට රටේ තියන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඇතුළත් කර එම අධ්‍යාපනයේ ගුණාත්මක බව විනාශ කිරීමේ පව්කාරක කම නොකර සෞභ්‍යාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති ස්වාධීන විශ්වවිද්‍යාලයක් නිර්මාණය කර ගුණාත්මක ගුරුවරයෙක් හදන්න අවශ්‍ය පරිසරය හදන්න කියලයි. “

“අප ඉල්ලන්නේ ගුරු විශ්වවිද්‍යාල පිහිටුවීම විෂයෙහි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය  ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මැතිතුමා විසින් 2020 .12 .14   දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න කියලයි.“

“පැහැදිලිව මේ වැටුප් හෝ වරදාන වරප්‍රසාද ඉල්ලා කරන අරගලයක් නෙමෙයි. එක්තරා පුද්ගලයෙකුගේ  පටු  අවශ්‍යතාවයකට ජාතික ප්‍රතිපත්තිය වෙනස් කර ගුරු අධ්‍යාපනයේ ගුණාත්මකබව විනාශ කරන්න යන අපරාධයට එරෙහිව කරන අරගලයක්.“

“අප ඒ අරගලයේ  පළමු ප්‍රකාශනය පසුගිය   (27) උදේ වරුවේ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට දී පැවැත්වූ  නිහඬ විරෝධතාවයෙන් රටට දැන්නුවා.  එහිදී අධ්‍යාපන බලධාරීන් අපට පොරොන්දු වුනා මේ පිළිබඳව මැදිහත් වෙන්න. නමුත් මේ වනතුරු කිසිම පිළිතුරක් නෑ.“

පසුගිය 27 දා පැවති උද්ඝෝෂණය සහ එහිදී බලධාරීන් ලබා දුන් පොරොන්දුව

“මේ නිහඬබවයි අපි ප්‍රශ්න කරන්නෙ. අපි පාරට බැහැලා ඉල්ලන්නෙ ගුරු අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීම සඳහා ලිඛිතව ඉදිරිපත් කර ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණු කැබිනට් යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම ක්‍රියත්මක කරනවා කියන සහතිකය අපට දෙන්න කියලා. ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.“

“ඒ නිසා අපි සඳුදා උදේ ජනාධිපති ලෙකම් කාර්යාලය අසලත්, පාර්ලිමේන්තුව අසලත්  විරෝධතා ව්‍යාපාරයක් පවත්වා පාර්ලිමේන්තුව අසල සිට පා ගමනින් ඉසුරුපායට එනවා.  ඇවිත් ඉසරුපාය වටකරලා තියුණු විරෝධතාවයක් පවත්වනවා. අපි නව අධ්‍යාපන ඇමති තුමාගෙන් ඉල්ලනවා… ඇමති තුමනි. ඔබ තුමා මේ රටේ ප්‍රභූ දේශපාලකයෙක්.  යුක්ති සහගත අරගලවල  හිටපු කෙනෙක්. ඒ අරගල දිනා දුන් කෙනෙක්.  දශක ගණනක් අරගලවල අත්දැකීම් ඇති කෙනෙක්. කරුණාකරලා  අප මතුකරන කාරණා මැදහත්ව විමසා බලන්න කියලා අපි යළි බල කරනවා. “

“යළිත් කියන්නෙ… අප මේ ඉල්ලන්නෙ අපේ පුද්ගලික සුඛ විහරණය නොවෙයි. ගුරු අධ්‍යාපනයේ ගුණාත්මක බව. එය ලබා ගැනීම සඳහා අප මේ අරගලය දිගටම ගෙනියනවා.“

සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතීය සංගමයේ ප්‍රකාශකයෙක් ලංකසරට පැවසීය.

යුතුකම කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ගුරු අධ්‍යාපනඥයන් රටට කළ පැහැදිලි කිරීම

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්සට දියවුන… ගිංගඟ නිම්නයේ  කාබනික ගොවි තැන…

Next Post

ඇමති බන්දුලගේ කොන්දේසිය නීති විරෝධීයි…අධිකරණ අමාත්‍යාංශ නීති උපදේශක දන්වයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.