සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැස්සට දියවුන… ගිංගඟ නිම්නයේ  කාබනික ගොවි තැන…

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ධාරණිපාත වර්ෂාවත් සමග ගිංගඟ පහළ නිම්නයේ  එළවළු කොරටු රැසක් ජලයෙන් යටවීම   සිය වගාවන් විනාශවි ඇති බැව් කොරටුගොවීහු පවසති. 

හෝළුවාගොඩ ඇළ පිටාරගැලිම නිසා හෝළුවාගොඩ, ඕපාත, වක්වැල්ල, මිපාවල, බාස්වත්ත, කපුහෙම්පල, උක්වත්ත බටහිර යන ප්‍රදේශවල  එළවළු කොරටු රැසක් ජලයෙන් යටවි ඇති බැව්  කොරටුගොවීහු පවසති. 

උක්වත්ත බටහිර ප්‍රදේශයේ පමණක් එළවළු කොරටු අක්කර 10 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශව ගොස්ය.

ජලයෙන් යටවුණු එළවළු කොටුවක්…

සිය වගාබිම් ජලයෙන් යටවිම නිසා මේ ගොවීන් දැඩිය අසරණ වී ඇත.   . එමෙන්ම ආණ්ඩුවේ කාබනික ගොවිතැනට එක් වෙමින් වි වපුරා තිබු කුඹුරු ද ජලයෙන් යටවි ගොස්ය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කාබනික ගොවිපල සුන්…

හෝළුවාගොඩ දියදම් ගොවිබිමේ වගාකටයුතුවල නිරතව සිටින කොරටුගොවියකු වන රවින්ද්‍ර ජාගොඩ   මෙසේ කිවේය.

“හෝළුවාගොඩ දියදම් ගොවිබිමේ තමයි අපි වගාකටයුතු කරන්නේ. කාබනික පොහොර යොදලා වසවිසෙන් තොර එළවළු පාරිභෝගිකයාට  ලබාදෙන්න තමයි  වගාකටයුතු සිදුකරන්නේ. ගොම කුකුළු, පොහොර යොදලා තමයි එළවළු වගා කළේ. 

“අස්වැන්න නෙලිමට තිබියදි  එළවළු කොරටු  යටවෙලා ගියා. බොහෝවිට නැවත මේ හානිය ගොඩගන්න බැරි වේවි. ඉහළ හා පහළ අමුණ අතර සංනිවේදන ජාලයක් ක්‍රියාත්මක නැහැ. ඉහල අමුණ අරිනවා පහළ අමුණේ ගොවින් දන්නේ නැතිව. පහළ අමුණ දමලා ඉහල අමුණු අරිනවා. වාරිමාර්ග නිලධාරින්ගේ අවධානය මේ සදහා යොමුවිය යුතුයි.“

අජිත් අඹවත්ත   ද දියදම් ගොවිබිමේ වගාකටයුතුවල නිරත ගොවියෙකි.

අපි  කොරටුගොවිතැන ඉතා සාර්ථක ලෙස කරගෙන ආවා. නමුත් අස්වැන්න නෙලීමට ඔන්න මෙන්න කියා තිබියදි කිහිපවතාවක්  කොරටුවගාවන් ජලයෙන් යටවුනා. වගාවන් විනාශවුනා.

මේ ස්ථානයේ ශක්තිමක් ගොවි කණ්ඩායමක් ඉන්නවා. විශාල වියදමක් දරලා තමයි කාබනික වගාකටයුතු සිදුකරන්නේ.  අමුණු  විවෘත කිරිමේ දි නිසි ක්‍රමවේදයක් නැහැ. නැවත මුල ඉඳන් පටන්ගන්න සිද්ධ වේවි. ඒත් අපි වගාව අත්හරින්නේ නැහැ.  දැන් අපට උදවු අවශ්‍යයයි. මේ අපරාධය යළි යළිත් වෙන්න දෙන් එපා. එළවළු බිජ හෝ පොහොර  ලබාදිලා  වගාව යලි ආරම්භ කිරිම සදහා උදව් කරන්න ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා  .

රවීන්ද්‍ර, අජිත් සහ හේමන්ත

අපරාධය කරන්නෛ වාරිමාර්ගෙ ලොක්කො….

ඕපාත ප්‍රදේශයේ කොරටුගොවියකු වන හේමන්ත මැද්දේකන්ද  කිවේ මෙවැනි කථාවකි.

ගොම කුකුළු සහ එළු පොහොරවල මිල වැඩිවෙලා. කාබනික පොහොර යොදලා විශාල වියදමක් දරලා තමයි එළවළු කොරටු වගා කළේ. අස්වැන්න නෙලන්න ඔන්න මෙන්න තිබුණෙ. කොරටු වතුරෙන් යටවුනා, මේ පාර බේරගන්න බැරි වේවි. 

මේ අපරාධය හැම වතාවෙම වගේ සිද්ධ වෙන්නේ     වාරිමාර්ග නිලධාරින්ගේ නිසි කළමනකරණයක් නොමැතිවීම නිසයි.  

හෝළුවාගොඩ ඇළේ ජල මට්ටම වක්වැල්ල ජලමාපකයේ මිටර් 1.2ක් සටහන්ව තිබු අතර  ගිංගග වාරිමාර්ග ඉංජිනේරුකාර්යාල පවසන්නේ මේ වනවිට ගිංතොට හා මහමෝදර මෝයකටවල් විවරකොට ඇති බවය. 

ජලය බැසයමින් පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුකාර්යාලය කීවේය. ගිංගගේ ජල මට්ටම වැඩිවිම නිසා  හෝළුවාගොඩ ඇළ මාර්ගයේ ජලය ගිංගගට බැස්සවිමට නොහැකි බවද ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පෙන්වා දුන්නේය. මේ වනවිට මහමෝදර මෝයකට බැකෝයන්ත්‍රයක් යොදවා පුළුල්කොට ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුකාර්යාලය කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඊළඟ අයවැයට අදහස් දෙන්න රටේ ව්‍යාපාරිකයාට ඉඩක් නෑ” – ප්‍රධාන පෙළේ ව්‍යාපාර නායකයකුගෙන් චෝදනාවක්

Next Post

ගුරු අධ්‍යාපනඥයන් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව, ඉසුරුපාය ලඟ තියුණු විරෝධයකට සූදානම්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.