අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඊළඟ අයවැයට අදහස් දෙන්න රටේ ව්‍යාපාරිකයාට ඉඩක් නෑ” – ප්‍රධාන පෙළේ ව්‍යාපාර නායකයකුගෙන් චෝදනාවක්

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඉදිරියේදී එලඹෙන අයවැයේදී ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ වානිජ මණ්ඩලවලින් යෝජනා ලබා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කුඩා, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට තම යෝජනා ඉදිරි අයවැයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් සාමාන්‍යයෙන් ලැබුණද මෙවර එය තවමත් සිදු නොවුණු බවත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති සහ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර නායකයකු වන නවාස් රාජබ්දීන් මහතා පවසයි.

කොවිඩ් වසංගතයත් සමඟ මෙම අංශය නියෝජනය කරන කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර කරගෙන යාමේදී අති විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ පාන්නට සිදුව ඇති බවත් මේ තත්ත්වය මත මෙම කුඩා පරිමාණ ආයතනවල සේවය කළ බොහෝ පිරිසකට ආදායම් අහිමි වීම හෝ රැකියා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රාජබ්දීන් මහතා පෙන්වා දෙයි. ඔවුන් මේ වනවිට ප්‍රායෝගිකව මුහුණ දෙන මෙම ගැටලු මැද, ඊළඟ වසරේදී ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් යෝජනා ලබා දීමේ ප්‍රාෙයා්ගික අත්දැකීම් ඇත්තේ ඔවුන්ට වුවද තවමත් මුදල් අමාත්‍යවරයාගෙන් එවැනි අවස්ථාවක් නොලැබුණ බව රාජබ්දීන් මහතා සඳහන් කළේය.

“ රටේ සියලුම දිස්ත්‍රික්කවල ක්ෂුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ. මේ සෑම ව්‍යාපාරයක්ම ලොකු අර්බුදයකට ගිහින් තිබෙනවා. ඔවුන්ට රජය බිලියන 160ක පමණ විශාල සහනයක් ලබා දුන් බවට ප්‍රකාශ කළත් මේ සියල්ලම පවතින්නේ කඩදාසි කොලවල පමණයි. මෙයින් රටේ බහුතරයක් ව්‍යාපාරිකයන්ට දැනෙන දෙයක් සිදුවුණේ නෑ. එයයි ඇත්ත තත්ත්වය. මෙම අරමුදල් සහන බිම් මට්ටමට ගියේ නෑ. එයින් සහන ලැබුණේ ලොකු ලොකු සමාගම්වලට සහ බැංකුවලට පමණයි. මහජන බැංකුවේ සභාපතිවරයාම කියනවා ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 37ක සහනයක් ලැබුණා කියල. එහෙම කියන්න බැහැත මේ මුදල් වෙන් වුණේ මේ රටේ කුඩා පරිමාණයේ සෑම ව්‍යාපාරිකයකුටම. මෙම තත්ත්වය තුළ මෙම සුළු මධ්‍ය සහ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් නියෝජනය කරන ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපාර සංවිධාන වානිජ මණ්ඩල දැඩි කලකිරීමෙන් පසුවෙනවා. අපි දුටුවා රාජ්‍ය අංශයේ නියෝජිතයන්ගෙන් අයවැය සම්බන්ධයෙන් අදහස් විමසනවා. මම විශ්වාස කරන්නේ ඔවුන්ගෙන් අදහස් විමසීමට කලින් මේ රටේ ආරථිකය ධාවනය කරන බහුතරයක් සිටින පෞද්ගලික අංශයෙන් මුලින් අදහස් ලබා ගත යුතු බවයි.“ යනුවෙන්ද නවාස් රාජබ්දීන් මහතා පෙන්වා දෙයි.

මෙරට වයාපාර කෂේත්‍රය පෙළන ප්‍රශ්න පිළිබඳ හසල අත්දැකීම් ඇත්තකු වන නවාස් රාජබ්දීන් මහතා මේ ත්ත්වය මත රජයට යෝජනා කරන්නේ අයවැය යෝජනා සකස් කිරීමට පෙර අවම වශයෙන් එකම දිනයක සියලුම සංවිදාන කැඳවීමෙන් හෝ ආදළ අදහස් ලබා ගැනීමට තවමත් කාලය පවතින බවයි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ බ්‍රිතාන්‍යය අනුමත කළ ප්‍රතිවෛරස කොවිඩ් කරල ලංකාවට ගෙන්වීමට රාජ්‍ය ඇමතිගෙන් විමසුමක්!

Next Post

වැස්සට දියවුන… ගිංගඟ නිම්නයේ  කාබනික ගොවි තැන…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.