නඩුවක චූදිතයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයේ පෙනී නොසිටීම නිසා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි අද (21) ඔහුට වරෙන්තු නියම කළේය.
විවාහ පොරොන්දුවක් දී මහනුවර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගෙන් රුපියල් මිලියනක මුදලක් ලබාගෙන ආපසු නොදුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව එම පාසල් ගුරුවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසියේ විශේෂ අපාරාධ විමර්ශන අංශය මගින් මෙම නඩුව පවරා තිබිණි.
වර්ෂ 2010 දී අදාළ පාසල් ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංජන් රාමනායක පසුව ඇප මත මුදාහරිනු ලැබූ අතර එම අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවෙකු මෙදින අධිකරණයේ පෙනී සිටි අතර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුට ද තරයේ අවවාද කළේය.
නඩුව සැප්තැම්බර් මස 06 දින යළි කැඳවීමට නියමිතය. මහනුවර පොලීසියේ විශේෂ අපාරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි