අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමති ලෙස සතොස ආයතනය භාරව සිටි සමයේ දී සිදුවූ ආන්දෝලනාත්මක සුදුළූණු වංචාවට සම්බන්ධව චෝදනා ලද ප්‍රධාන සැකකාරියක්ව උසාවියට ඉදරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටින, වංචාව සිදුවූ අවස්ථාවේ සතොස මිලදී ගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චමිලා අසුරමාන්න මේ වනවිට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යටතේ පවතින මගනැගුම මාර්ග ඉදිකිරිම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශකවරියක ලෙස පත් කර ඇතැයි එක්සත් ජන රජ පෙරමුණේ නීතිඥ කණ්ඩායමේ සාමාජික රජිත කොඩිතුවක්කු අද මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරව් කරනු ලැබුවේය.
සතොසට ගෙන්වූ සුදුළූණු තොග අඩු මිලට බාහිර පාර්ශවයකට අලෙවි කර ඉතා ඉහළ මිලකට යළි සතොස වෙත මිලදී ගැනීමෙන් සිදුවු කෝටි ගණනක වංචාව සම්බන්ධව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් ඇත. මේ වනවිටත් සිදුවී ඇති පාඩුව විගණනය වී නැත.
එහිදී අධිකරණය ඉදිරියට පත් කළ එවකට සතොස මිලදී ගැනිම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චමිලා අසුරමාන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූයේය.
රාජ්‍ය මූල්‍ය වංචා නඩුවක ප්‍රධාන සැකාරියක වී ඇප මත සිටිනා මෙම තැනැත්තියව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සිය අමාත්‍යාංශය යටතේ පවතින මගනැගුම මාර්ග ඉදිකිරිම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශකවරියක ලෙස පත් කරගනු ලබන්නේ ඒ අතරය.
ඇය මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශක වරියක ලෙස පත් වන්නේ 2022.11.01 ය. ඒ වසරක කාලයක් සඳහාය.
එම කාලය සඳහා ඇයට මාසික රුපියල් ලක්ෂයක වැටුපක්, එක් ලක්ෂ විසි දහසක ප්‍රවාහන දීමනාවක්, දුකථන බිල්පත් අතුළු දෙලක්ෂ විසි එක් දහස් පන්සියයක මුලු මුදලක් ද, ඊට අමතරව ඉන්ධන ලීටර 175ක් ද ලබා දීමට ගිවිසුම් ගත වී තිබේ.
මේ පත්කිරීම ඉතාම ප්‍රශ්නකාරී බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යන යන තැන රැගෙන යන මෙවැනි චරිත මතුවීම ගැටලු සහගත බවත් නීතිඥ රජිත කොඩිතුවක්කු පැවසුවේය.