අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑලි කඩා ලංවිම විකුණන නව විදුලිබල පනතට කොන්දේසි නැතිව විරුද්ධ වෙන්න ලංවිම සියලුම වෘත්තීය සමිති සපථ වෙති!

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති ජාතික මහා සමුළුවේ දී යෝජනාව ඒකමතිකව සම්මත වෙයි!

by editor
ජූනි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බල මණ්ඩලය කොටස් 15කට කඩා විදේශීය ආයතන වෙත විකුණා දැමීම අරමුණු කරගත් නව විදුලිබල පනත ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් අද (21) කැඳවූ  ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති ජාතික මහා සමුළුවේ දී එකමතිකව සම්මත වී තිබේ.

ඒ සඳහා රටේ සියලුම ජනතාව ද, සියලුම දේශපාලන පක්ෂ ද, බහුජන සංවිධාන ද, සියලුම ආගමික නායකයින් ද එක්කර ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමටත්, විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීන විද්වතුන් නොවිමසා රටට අවාසි දායක යෝජනා ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට උත්සාහ කළහොත් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටීමටත් එහිදී යෝජනා වී ඇත.

එමන්ම විදුලිබල මණ්ඩලයට ප්‍රතිව්‍යුහගතකරණයක් අනිවාර්යයෙන් අවශ්‍ය බවත් එය ජාතික අවශ්‍යතා ප්‍රමුඛ කරගත් රටට වඩාත් වැඩි ප්‍රතිලාභ උපදවන සාධනීය එකක් වියයුතු බවටත් එවැනි ප්‍රතිව්‍යුගතකරණයක් සඳහා එකඟවීමටත් මෙම මහා සමුලුවේදී යෝජනා සම්මත කරගෙන තිබේ.

එමෙන්ම තුන්දහස් අටසියයක් පමණ වූ සේවක පිරිසක් ස්ථිර සේවයට බඳවා ගැනීම, මෙතෙක් සේවකයන්ට ලබා නුදුන් ඔවුන්ට හිමි වෛද්‍ය ආධාර දීමනාව ලබා දිම, අභ්‍යන්තර උසස්වීම් වැලැක්වීම, අර්ථසාධක අරමුදලේ මෙතෙක් භුක්ති විඳි අයිතීන් යලි ලබා ගැනීම, විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමටත්  මහා සමුළුවේ දි එකඟ වි ඇත.

එමෙන්ම කම්කරු අයිතීන් ප්‍රකාරව වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී නායකයින් යළි සේවයට කැඳවමින් කරන මර්ධනකාරී  හැසිරීම් හෙළා දැකිමටත් ආණ්ඩුවේ සමස්ථ මර්ධනකාරී වැඩසටහනට එක්ව විරෝධතාවය දැක්වීමටත් සමුළුවේ දී එකඟ වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දි මිය  ගිය කාන්තාවට  පොලිසිය පහර දුන් අයුරු   ඇසින් දුටු අයෙක් අධිකරණයේ දි සාක්ෂි දෙයි..!

Next Post

ගුරුවරියකට විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ බවට පැනවූ නඩුවකට පෙනී නොසිටි රන්ජන්ට වරෙන්තු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.