සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගින්නෙන් තමන්ගේ එකම නිවසත්, ලොකුම ධනයත් විනාශ වූ හැටි රනිල් කියයි       

by Lanka Sara Editor
ජූලි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
ජීවත් වෙන්නට තිබූ එකම ගෙදරත්, ආදරේ කළ හා විශාලතම ධනය ලෙස සැලකූ වටිනා පොත් රාශියකුත් මැයි 9 වෙනිදා සිදු කළ ගිනි තැබීමෙන් විනාශ වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.
     “මම රට බාර ගත්තේ රට කඩා වැටිලා තියෙන අවස්ථාවක. විදේශ විනිමය නැතුව හිටියා. ඉන්ධන නැතුව හිටියා. ඒ නිසා තමයි මම මේ අගමැතිකම බාර ගත්තේ. ඒ එක්කම ආර්ථිකය හදන්න ක්‍රියා කලා. මේක අවුරුද්දෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුදු හතරක කාලයක් වුවමනායි කියලා අයිඑම්එෆ් කිව්වා.
     අපිට විශාල ප්‍රශ්න තියෙනවා. ඒවා මේ මාස කීපය තුළදී වැඩි වෙනවා. මිනිස්සු විඳින දුක මම දන්නවා. මම සමාවත් ඉල්ලුවා. ඒත් අපි එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ.
මෙහෙම අවස්ථාවක තමයි 9 වෙනිදා මිනිස්සු අරගල කරන්නේ.
    මට තිබුණු රැස්වීම් කල් දාලා මම එදා ගෙදර හිටියා.  හැන්දෑවරුව වෙනකොට පණිවිඩයක් ලැබුණා පොලීසියත් ඉල්ලීම් කළා, අරගලය ඉවර වෙලා යන අය කෑ ගහන්න පුළුවන් නිසා මෙතනින් පිට වෙලා යන්න කියලා. අපි දෙන්නා පිට වෙලා ගියා.
    ඒ අවස්ථාවේ තමයි මගේ ගෙදර ගිනි තිබ්බේ. මට පිටරටවල වගේම ලංකාවෙත් තිබ්බ එකම ගෙදර ගිනි තියලා. මගේ ලොකුම ධනය වස්තුව වුණේ මගේ පුස්තකාලය. පොත් 2000කට වැඩියි.
ගෝල්ඩියස් මැතිතුමා ඕලන්ද කාලේ ලිව්ව පොත් තිබ්බා. ලන්දේසි පොත් තිබ්බා.
      සමහර පොත් ප්‍රසිද්ධ අය අත්සන් කරලා තියෙනවා. බුද්ධාගම පොත් තිබ්බා. ත්‍රිපිටක තිබ්බා.. මමයි මෛත්‍රී එකඟ වෙලා හිටියේ පෘතුගීසි ඕලන්ද පොත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දෙන්නත්, තවත් පොත් විවිධ පුස්තකාලවලට ලබා දෙන්නත්.
     චිත්‍ර ගොඩක් තිබ්බා. හැමදේම විනාශ වෙලා. මුකුත් ඉතුරු නෑ.
      මම හිටිය තැන ඉඳලා සූම් එකෙන් කතා කළා පක්ෂ නායක රැස්වීමේදී. ජනාධිපති ඉවත් විය යුතුයි. ඊට පස්සේ ගත යුතු පියවර ගැන කතා කළා. අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ. එතනදී විපක්ෂෙ යෝජනා කළා ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙලා ඊට පස්සේ ආණ්ඩුවක් පිහිටුවමු කියලා.
ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න කියන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. එතකොට මම ලෑස්තියි අයින් වෙන්න කියලා කිව්වා. මේ ගැන ටිකක් වාද කළා. රැස්වීම අවසන් වෙන්න කලින් ට්වීට් එකක් ගිහින් රවුෆ් හකීම්ගෙන් මම මේකට විරුද්ධ වුණා කියලා. සුමන්තිරන් මන්ත්‍රී කිව්වා ඇයි මම තනතුරෙන් ඉවත් වෙන්න අකැමැති කියලා. මම කිව්වා ඉවත් වෙන්න කැමැතියි ආණ්ඩුවක් ඇති කරලා කියලා. මේ ට්විට් එක සිරසට ගියා. සිරස මේකට ප්‍රසිද්ධියක් ලබලා දුන්නා.
     මේ සතියෙත් එන සතියෙත් අයිඑම්එෆ් එක්ක කතා කරන්න ඕනේ. ඒවා ආණ්ඩු මාරු වෙවී කල් දදා කරන්න පුළුවන් දේ නෙමෙයි.
      වැරදි අදහස් ප්‍රසිද්ධ වුණු නිසා විශේෂ නිවේදනයක් කළා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදා අස්වීම ලබා දෙන්න ලෑස්තියි කියලා.
    ඒත් සිරස මේක ප්‍රකාශ කළේ විකෘති කරලා. මේක කරන්න එපා කියලා කිව්වා සිරස ප්‍රධානියාට. නිවේදන තුනක් යැව්වා. ඒත් ඇහුවේ නෑ.
     ඊට පස්සේ අරගල අය ආවා මගේ ගෙදරට. ආපු කණ්ඩායමකට පොලීසිය කඳුලු ගෑස් ගැහුවා. එක සිරස මාධ්‍යවේදියෙක් එතන වැටුණා. එයාලා චෝදනා කළා ගැහුවා කියලා. ඒත් එහෙම දෙයක් වුණා නම් පොලීසියට දැනුම් දීලා නීති මාර්ගෙන් කටයුතු කරන්න තිබ්බා.
ඒ වෙනුවට ප්‍රසිද්ධ කළා මේ ගෙදරට එන්න එන්න කියලා. පාරවලුත් පෙන්නුවා. මේ කට්ටිය ආවම පොලීසිය කඳුලු ගෑස් ගැහුවා.. බැටන් පහර ගැහුවා. අන්තිමට තිබ්බේ වෙඩි තියන්න.. ඒත් අපි එහෙම කළේ නෑ. ඒ අය මගේ ගෙදරට ගිනි තිබ්බා.
     දැන් අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලයේ ලේඛන පවා නැති වෙලා.
පාර්ලිමේන්තුවටත් බල කරන්න බෑ මෙහෙම කරන්න කියලා.. ව්‍යවස්ථාව ආරක්ෂා කර ගත යුතුයි. ව්‍යවස්ථාව තුළින් ඊට කන් දෙන්න ඕනේ. මම ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරලා ඒ මඟින් ජනතාව ආරක්ෂා කරන්න…”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ  නිවේදන නිකුත් කරන්නේ කතා නායක පමණයි… ජනපති ලේකම් කාර්යාලය කියයි…

Next Post

හිට්ලර් පන්නයේ මිනිසුන් ගිනි තැබූ කලාගාරය ගැන අගමැතිවරයා කී කතාව…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.