සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිට්ලර් පන්නයේ මිනිසුන් ගිනි තැබූ කලාගාරය ගැන අගමැතිවරයා කී කතාව…

ක්වෙරෝස් පියතුමාගෙ පෘතුගීසි යුගය පොතේ සහ බෝල්දියස් ගෙ ලන්දේසි යුගය ගැන ලීයූ පැරණිම මුද්‍රණ... සියවස් ගනණ් පැරණි වටිනා සිතුවම්... සියල්ල ඉවරයි...

by editor
ජූලි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අතිශය වටිනා දුර්ලභ පොත් දෙදදහස් පන්සියක්, අතිදුර්ලභ සිතුවම්  සමුදායක්, මූර්ති සමූහයක් ඇතුලු කලාගාරයක් බඳු සිය එකම නිවස ගිනිබත් වූ ආකාරය අගමැතිවරයා අද මහජනතාව අමතා ප්‍රකාශ කළේය.

මෙම සියලුම පොත් කලාකෘති අනාගතයේ කොළඹ රාජකීය විද්‍යාලයට, පේරාදෙණිය සරසවියට, ජාත්‍යාන්තර කටයුතු සම්බන්ධ ආයතනවලට ලබා දීමට වෙන් කර තිබුණු බවත් අගමැතිවරයා කීවේය.

විනාශ වූ පොත් අතර කතුවරයාගේ අත්සන සහිත දුර්ලභ කෘති, ක්වෙරෝස් පියතුමා පෘතුගීසි යුගය ගැන ලියපු ඉපැරණි කෘතියේ පැරණිම මුද්‍රණයක්, ඕලන්ද යුගය ගැන බෝල්ඩියස් ලියූ ඓතිහාසිහික කෘතිය,  මෙන්ම  වසර දෙසීයකට වඩා පැරණි සිතුවම් සමුදායක් වූ බව ඔහු හෙළි කළේය.

ජනතාව දුක් විඳමින් සිටි බව පිළිගන්නා බව කී අගමැතිවරයා එයින් වූ පීඩාව ට තමා සමාව ඉල්ලා ඇති බවත් කීවේය. මේ  හිට්ලර් පන්නයේ ක්‍රියාව සිදුවන්නේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව තමන්ගේ අදහස නිරූපණය නොකර ආකාරයෙන්  රවුෆ් හකීම් විසින් ප්‍රකාශයට පත් කළ ට්විටර් පණිවිඩය යළි යළිත් සිරස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වීමෙන් පසුව බවත් අගමැතිවරයා කීවේය. රවුෆ් හකීම් පසුව එම ට්විටර් පණිවිඩය නිවැරදි කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්    මේ වැරදි පුවත ප්‍රචාරය නොකරන ලෙස තමන් සිරස බලධාරීන්ට යළි යළිත් ප්‍රකාශ කළත් ඔවුන් එය සිදුකළ බවත් කඳුළු ගෑස් බැටන් ප්‍රහාර වලින් අනතුරුව වෙඩි තැබීමේ නියෝගය ක්‍රියාත්මක කරන්නට තමන් උත්සාහ නොකළ බවත් අගමැතිවරයා පැවසුවේය.

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ ලිපි ලේඛණ රැසක් විනාශ කර ඇති බව කී අගමැතිවරයා තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුකූළව බව කීවේය.

“අරගලය පැවති අවස්ථාවේදී මම ගෙදර හිටියා. හැන්දෑවෙ මට කිව්වා අරගලයට සහභාගී වෙලා පිටින් යන අය කෑ ගහන්ට පුලුවන් ගෙයින් පිටවෙලා යන්න  කියලා.“

“ඒ නිසා අපි පිටවෙලා ගියා. එතන හිටිය අවස්ථාවේදි තමයි මේ ගෙදර ගිනි තිබ්බේ. මට තිබ්බ එකම ගෙදර අද ගිනිබත් කරලා තියෙන්නේ.“

“මගෙ ලොකුම ධනය වස්තුව වුනේ මගෙ පුස්තකාලය. පොත් දෙදහස් පන්සියයක් තියනවා. ක්වෙරොස් පියතුමා පෘතුගීසි කාලෙ ලියපු පොත තියනවා. බෝලඩියස් මැතිතුමා අවුරුදු තුනිසිය ගණනකට කලින් ඕලන්ද  කාලය ගැන ලියපු පොත තියනවා.“

“සමහර පොත් කර්තෘ අත්සන් කරපුවා. මේ ඔක්කොම පොත්   මට තියාගන්න බෑ. මමයි මෛත්‍රීයි කතා වුනේ මේ පොත් පුස්තකාලවලට දෙන්න. රාජකීය විද්‍යාලයට දෙන්න. පැරණිම පෘතුගීසි ඕලන්ද පොත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට දෙන්න. ජාත්‍යන්තර කටයුතු ගැන ඉන්න තවත් ආයතනයටක දෙන්න. මෙහෙම වෙන් කරලා තිබුණා.“

“ඒ එක්කම මට දෙන්න චිත්‍ර තිබුණා. සමහර චිත්‍ර අවුරුදු දෙසීයක් විරත පරණ ඒවා. බ්‍රිතාන්‍ය යුගය ආරම්භයදේම ඇඳපු චිත්‍ර එතන තිබුනා. එහෙම චිත්‍ර ගණනාවක් තිබුණා. අද මට ඉතිරිවෙලා තියෙන්නෙ එකක් විතරයි. ඒ තියෙන්නෙ ඕලන්ද චිත්‍රයක්.  විමලධර්මසූරිය රජතුමා ඕලන්ද තානාපතිවරු මුණගැහෙන එක විතරයි.“

“මේ හැම දෙයක්ම දැන් විනාශ වෙලා තියනවා. මුකුත් ඉතිරිවෙලා නෑ. මට ත්‍රිපිටකය තිබුණා. බුදු දහම ගැන පොත් තිබුනා. ඒ එකක්වත් අද මෙතන නෑ.“

“බුද්ධ රූප වටිනා ඒවා දහයක් පහළොවක් තිබුණා තෑගි දෙන්න. එකක් ඉන් ඉතිරිවෙලා තියනවා.“

“මට තිබුණා පස්වග මහනුන් අනෙක් හිමිවරු සම්බන්ධව ඇඳපු බෞද්ධ චිත්‍ර.  .අපේ වර්තමාන කලාකරුවන් කරපුවා ඒවා. ඒ එකක්වත් නෑ.  මගෙ හැම දෙයක්ම සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. එහෙම ගෙවල් නැති කරන්නේ හිට්ලර්වාදී ජනතාව විතරයි.

අගමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගින්නෙන් තමන්ගේ එකම නිවසත්, ලොකුම ධනයත් විනාශ වූ හැටි රනිල් කියයි       

Next Post

බිදවැටුණු රටට ක්‍රිකට් ගෙනා ජයග්‍රහණයේ ගෞරවණීය අභිමානය… දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් දිනුම්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.