ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ විසින් නිකුත් කරන සියලු නිල පණිවිඩ කතා නායකවරයා වෙත යොමු කරන බවත්, කතානායකවරයා එම පණිවිඩ ප්‍රකාශ කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල නිවේදනය කළේය.
එබැවින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන ලෙස කතානායකවරයා කරනු ලබන නිවේදනයන් පමණක් සලකන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිවරයා 13 දා ස්ථිරවම ඉවත්වන බව අද උදේ අගමැතිවරයා විසින් ප්‍රකාශ කර තිබිණි.