බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැහුවා නෙමෙයි මයේ අම්මා… උන් අපිව හම ගැහුවා…

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උන් අපට ගැහුවා නොවේය. වඩාගෙන හම ගැහුවේය. එහෙම ගුටි කෑමක් එක්දින තරගයක දි මෑතදිනම් කෑවේ නැත.  මැච් එකට කලින් අසලංක දෙන බව කි මාර ගේම ක්‍රිකට්වලටම නාකි වෙමින්  කණ්ඩායමේ යාව ජීව සාමාජිකත්වයට හිමිකරගන්නට වාසනාව ලද පොරවල් ටික හොඳටෝම ගැහුවේය. සනාගේ සුරතල් දනා කමිඳු වෙනුවට ආදේශ කර අපට දෙන ආතල් එකට සනාට හොඳටෝම ස්තුති කරන්නට මේ අවස්ථාවක් කරගැනීම වැදගත්ය. ක්‍රිකට් ලොලී අපි ඉන්නේ දැන් ප්‍රීතියෙන් පිනා ගොස්ය.

පළමුවෙනි වතාවට අංක හතර තමන්ට හුරු පුරුදු තැන ක්‍රිඩා කළ පවන් රත්නායක නොවන්නට අපට අබ සරණය. ඉල ඇට කැඩෙන්නට ගුටි කා ලකුණු 359ක් ස්කෝර් බෝඩ් එකේ තිබෙනවිට ක්‍රීඩා කර පළපුරුදු සෙට් එක ගැහුව ගැහිල්ල නම් ආසාවේ බැරිය.

පෝයට හෙවිසි ගහනවා සේ ආපු වෙලාවේ සිට ඔල්මොරාන්දම් වී පිත්ත හතර අතේ  වනමින් හයේ හතරේ පහරවල් ගහන්නට දැරූ උත්සාහය ගැන ඇත්තටම බලා සිටි අපට පුදුම හිතුනේය.

එවන හැම පන්දුවටම එවැනි සෙල්ලම් කළ නොහැකි බව ක්‍රිකට් නොදන්නා අපට තේරේන විට   මුන්ට නොතේරීම ගැන අපට දුක හිතෙන්නේය. කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඒ ආකාරයටය. කමිල් මිෂාරත් එහෙමය. පැතුම් ගේ අර්ධ ශතකය අපරාදයක් බව කිව යුත්තේ සංයමය තව ටිකක් පැවතුනා නම් එය තරග ජයග්‍රහණය කරවන ලකුණක් කරා ගෙන යන්නට හැකි අවස්ථාව තිබූ බැවිනි. ජනිත් ලියනගේ ගේ දුවද්දී දැවී යෑමත් සිදු නොවිය යුතු අපරාධයක් වූයේය. කෙසේ වෙතත් දැන් කතා කරන පලක් නැත. අප අපේ රටේ අපේ මිනිසුන් ඉදිරියේ අපේ තණතිලිවල දී එක්දින තරගාවලියක් පරාදය.

පවන් රත්නායක…

අද තරගය පරදින්නේ ලකුණු 53කිනි.  එංගලන්ත කණ්ඩායම තරගාවලියේ පළමු වරට කාසියේ වාසිය දිනාගෙන ආර්.ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රීඩාංගන තණ තීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. දැවී ගියේ කඩුළු 03කි. උන් ලකුණු 357ක දැවැන්ත ඉලක්කයක් අපට දුන්නේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එංගලන්ත නායක  හැරී බෲක් පන්දු 65 කදී නොදැවී ලකුණු 136 කි.  ජෝ රූට් පන්දු 108 ක දී  ලකුණු 111 කි. ඇත්තටම ආර් ප්‍රේමදාස තණ තීරුව මත ලකුණු 357ක් හඹා යෑම එක්තරා දුරට සිහිනයකි. එහෙත් ඒ සිහිනය සැබෑ කරගැනීමේ හැකියාව ද පෙනෙමින් තිබිණි. අවශ්‍ය වූයේ ඉවසිලි සහගත පරිනතිය ය.

සිය සිවුවන එක්දින තරගයේ දී ප්‍රථම වතාවට අංක 04 ස්ථානයේ ක්‍රීඩා කළ පවන් රත්නායක එවැනි විශාල ලකුණක් හඹා යන ආකාරය සිය මංගල ශතකය රැස් කරමින් කියා දුන්නේය. එංගලන්ත ඉනිම ජෝ රූට් ගොඩනැගූ ආකාරයට පවන් ශ්‍රී ලංකා ඉනිමේ අරටුව වූයේය.

එහෙත් ලකුණු 357 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම  අවසානයේ   47 වන ඕවරයේ දී ලකුණු 304 කට සියල්ලන් දැවී ගියේය. රත්නායක පන්දු 115දී  ලකුණු 121 කි.  පැතුම් නිශ්ශංක පන්දු 25 න් ලකුණු 50 කි.  කමිල් මිෂාර පන්දු 17ක දී හතරේ පහර 05ක් සමග ලකුණු 22කි. කුසල් මෙන්ඩිස් පන්දු 09ක දි ලකුණු 20කි. දුනිත් වෙල්ලාලගේ  පන්දු 24ක දී ලකුණු 22කි.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තයට එක්දින තරගාවලිය 2-1ක් ලෙස හිමි විය.   2023 මාර්තු මාසයේදී බංග්ලාදේශය බංගලාදේශය තුළ දී  පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ පළමු විදේශීය තරගාවලි  ජයග්‍රහණය මෙය ය.

එංගලන්ත පන්දු යවන්නෝ ආකර්ශනීය පන්දු යැවීමක යෙදුනහ.  සෑම් කරන් රත්නායකට පන්දු යවමින් තරගය අවසන් කිරීමට පෙර ආදිල් රෂීඩ්, ජේමි ඕවර්ටන්, විල් ජැක්ස් සහ ලියම් ඩෝසන් යන සියල්ලන්ම කඩුලු දෙක බැගින් දවා ගත්හ.

නමුත් මෙම ජයග්‍රහණය තහවුරු කළේ ඔවුන්ගේ පිතිකරණ ආධිපත්‍යයෙනි. පිටියට පැමිණි පිතිකරුවන් පස් දෙනාගෙන් ලකුණු 50ට අඩුව දැවී ගියේ  දෙදෙනෙකු පමණි.  අඩුව  දැවී   රූට් සමඟ ලකුණු 126ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ ජේකබ් බෙතෙල් ද ලකුණු 65ක්  ලැබුවේය. නායක හැරී බෲක් පන්දු 65 කදී නොදැවී ලකුණු 136 ක් ලැබුවේය.

රූට් සහ බෲක් එක්ව පන්දු 113ක් තුළ නොදැවී  ලකුණු 191ක් රැස් කළහ.  බෲක්  හයේ පහර නවයක් සහ හතරේ පහර 11ක් එල්ල කළ අතර ඔහු මුහුණ දුන් අවසන් පන්දු 40 තුළ ලකුණු 101ක් ලබා ගත්තේය.  අවසාන ඕවර පහ ශ්‍රී ලංකාව කරකවා දැමීමට එංගලන්ත පිතිකරුවන් දෙදෙනා කටයුතු කළහ. ඒ  ලකුණු 88ක් ලබා ගනිමිනි.

ඔවුන් දෙදෙනා මෙසේ ඔසවා තැබුවේ පන්දු ඕවර 11ක් තුළ ලකුණු 40කට කඩුළු 02ක් දැවී ගොස් තිබූ ඉනිමකි.

බෲක් ගෙන් සහ රූට්ගෙන් අමතක නොවන ලෙස ගුටි කෑ හසරංග පන්දු ඕවර 10 තුළ ලකුණු 76කි. වැන්ඩර්සේ ද ඕවර 10ට  76කි. අසිත ප්‍රනාන්දුගේ පන්දු ඕවරයක සාමාන්‍ය ලකුණු 8.5කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 4.9ක සාමාන්‍යයක් අවසන් ඕවරය තෙක් රැගෙන ආවේය. අවසන් ඕවරයේ දී ඔහු ලකුණු 13ක් ලබා දුන්නේය.

දැන් කතා කර වැඩක් නැත. හුරතලුන් ඇති කර ආතල් ගැනීම පසෙක තබා සනා දැන් ටීම් එකට කෝච් කරන්න පටන් ගත යුතුය. මක් නිසාද යත් විස්සයි 20 ලෝක කුසලානය කියා තරගාවලියක් ලංකාවේ සම සත්කාරකත්වය මත පවත්වන බැවින්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ දි තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

තුනුකායි  කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා  බඹර ප්‍රහාරයකින් මිය යයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.