දිනසේන රතුගමගේ –
ඊයේ (27) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් මුලතිව් තුනුකායී අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මියගොස් තිබේ.
ඇන්තනි ජෝර්ජ් නැමති 53 හැවිරිදි හෙතෙම මුලතිව් මාන්කුලම පාසලේ ඉගෙනුම ලබමින් සිටින සිය දරුවා නිවාට රැගෙන ඒමට පාසලට ගොස් සිටියදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ අවස්ථාවේදී පාසල් සිසුන් පස් දෙනෙකුටද බඹරුන් දෂ්ට කොට ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සදහා මාන්කුලම රෝහලට ඇතුළත් කොට තිබේ.
බඹර ප්‍රහාරයෙන් සිහිසුන් වූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඊයේ සවස යළිත් වවුනියාව රෝහල වෙත මාරු කිරීමට පියවර ගනිමින් සිටියදී මියගොස් තිබේ.
පාසල අසල ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා බඹරුන් දෂ්ට කොට ඇති බව ඒ පිළිබදව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත. බඹර කූඩුව එම ස්ථානයෙන් රාත්‍රී කාලයේදී ඉවත් කිරීමට ගම්වාසීන් පියවර ගෙන ඇත.







