ලලිත් චාමින්ද
නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණ සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙනවිත් කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි එම පුද්ගලයින් දෙදෙනාටම කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි.
මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා කුරුදුවත්ත ගිංතොට හා ටක්කියාවත්ත තලාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මියගිය එක් අයෙකු 59 හැවිරිදිවියේ පසුවන අතර අනික් පුද්ගලයා 77 හැවිරිදි වියේ පසුවෙයි. මොවුන් දෙදෙනා සිය නිවෙස්වල දි මියගොස් සිටි අතර ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම්ගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මෘත දේහයන් දෙක කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබිය.
මෙම පුද්ගලයින් දෙදෙනා මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දී මොවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පැවසීය.
මින් එක් අයෙකු රෝහල්ගතවී සිට රෝහලින් නිදහස්ව නිවසට ගොස් සිටියදි මියගිය අයකු බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් පවසයි. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමෙන් පසු නිරෝධායන නිතිරිතිවලට අනුකුලව අදාහන කටයුතු කිරිමට සිදුකරණ බවද නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සඳහන් කළේය.









