දිනසේන රතුගමගේ
උතුරු පළාතේ සිංහල මාධ්‍ය පාසල්වලින් මෙවර අපොස(සා.පෙ ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වන පෙරහුරු විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ වැරදි 113 ක් ඇති බව සිංහල විෂය බාර ගුරු භවතුන් ප්‍රකාශ කොට සිටිති.
සිංහල විෂය සඳහා ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයේ අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් ඇති සෑම ප්‍රශ්නයකම අක්ෂර හා ඒ සඳහා ලබා දී ඇති පිළිතුරුවල අක්ෂර සියල්ල වැරදි නිසා ගුරුවරු හා මේ දිනවල පෙරහුරු පරීක්ෂණයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලබා දී ඇති සිංහල ප්‍රශ්න පත්‍රයේ පමණක් නොව සෙසු ප්‍රශ්න පත්‍ර වල ද දෝෂ රැසක්ම පවතින බව උතුරු පළාතේ ගුරුවරු තම පාසල්වලට ලැබුණු ප්‍රශ්න පත්‍ර අප වෙත එවමින් ප්‍රකාශ කොට සිටිති.








