අද අළුයම (16) ගාල්ල දඩල්ලලේ දී පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ගාල්ල දඩැල්ල නගරසභාව කනත්ත අසලදී මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දඩල්ලේ පදිංචි නොරගල රොෂාන් නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ආසන්නයේ සිටි වයස අවුරුදු 19ක පමණ තරුණයෙකුගේ පාදයටද වෙඩි වැදී එම තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගලික ආරවුලක් මත බිරියගේ බාල සොයුරා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.