සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගය අද (16 ) පෙරවරු 10ට ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
අයර්ලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගාවලිය මෙයයි.
කෝඩුකාර අයර්ලන්තය මේ දක්වා සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 04කට පමණි. ඔවුන්ට කිසිදු තරගයක් ජයග්රහණය කිරීමට හැකියාව ලැබී නොමැත.
ක්රිකට් ආයතනය පවසන්නේ මෙම ටෙස්ට් තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා ඇති බවය.







