කීර්ති ප්‍රනාන්දු –
යාල රක්ෂිතයේ ගෝනගංආර ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය ගංජා හේන් 05ක් සොයගෙන එම වගාව විනාශ කර දමා සැකකරුවන් 03ක් අත්අඩංගුවට ගත් බව පොලිසියි පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ වසය අවුරුදු 40- 45 අතර වයසැති සෙල්ලකතරගම පදිංචි පුද්ගලයන් 03කි.
ගංජා හේන් තුළ ගංජා ගස් ලක්ෂ දෙකක් පමණ ඉතා සරුසාරව වැඩී තිබුණු බවත් සමහර ගංජා ගස් අඩි 6 – 7පමණ උස බවත් පොලිසිය කියයි.
මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කීවේය.
අද විනාශ කළ ගංජා හේන් 05 පහේ ආර්ථික වටිනාකම රුපියල් කෝටි 05 ඉක්මවන බව වාර්තා වේ.









