බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් එන්නත ලබා ගත් විට අපේ සිරුරේ සිදුවෙන දේ දැනගන්න

by editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ප්‍රතිශක්තිය දෙන්න ලොකු ක්‍රියාවලියකින්…

  • කොවිඩ් වෛරසයේ කොටසක් ශරීරයට ඇතුළු කරන්නේ තවත් වෛරසයක් එක්ක

  • සම්පූර්ණ ප්‍රතිශක්තියක් ගන්න මාත්‍රා දෙකම ගන්න

අවුරුද්දක් පුරා බැට කන කොවිඩ් වසංගතයෙන් සිදුවිය හැකි අනිසි ප්‍රතිඵල පාලනය කරන බව කියන කොවිඩ් 19 එන්නත මේ වනවිට අපේ රටේ ද ලබා දීම ආරම්භ කර ඇත. මේ වනවිට සෞඛ්‍ය සේවකයන් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම එන්නත ලබා ගෙන තබේ. රජය එම එන්නතින්ම තවත් මාත්‍රා එක්කෝටි අසූ ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ අදාළ නිෂ්පාදකයන්ට ඇණවුමක් ලබා දී ඇත.

මේ වනවිට සෞඛ්‍ය සේවකයන් මෙම එන්නත ලබා ගැනීමත් සමග එන්නත පිළිබඳව වැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එය ලබා ගත් පසුව සිදුවන තාවකාලික අතුරු ආබාධ නිසාය. එන්නත ලබාගත් බොහෝ දෙනකු මෙම එන්නත් ලබා ගැනීමෙන් පසුව දින දෙකක් පමණ යන තෙක් විවිධ කායික පීඩාවන්ට  ලක්වූයේය. මේ අතර පැන නගින සුළු ආබාධ අමතක කර දමමින් මෙම එන්නත ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යරුන්ගේ සංගමය සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

කොවිඩ් වයිරසයට එරෙහිව මේ වනවිට එන්නත් ගණනාවක් නිදපවා ඇතත් ශ්‍රි ලංකාව තුළ දැනට ලබා දෙන්නේ එම එන්නත් අතර මුල් පෙළේ කතාබහට ලක්වූ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සහ ස්වීඩන ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමාගම හවුල්ව නිර්මාණය කරන ලද කොවඩ් එන්නත ය. මෙම එන්නත ඉන්දියාවේදී නිපදවන අතර එය හඳුන්වන්නේ කොවිෂීල්ඩ් නමිනි.  එසේ වුවද ඔක්ස්ෆර්ඩ් සහ ඇසට්‍රාසෙනෙකා සමගාම් මෙම එන්නතට ලබා දී ඇති ඖෂධීය නාමය වන්නේ  ChAdOx1 nCoV-19  නැතිනම්  AZD1222 ලෙසය.

තාවකාලික  අතුරු ආබාධ

මෙම එන්නත ලබා ගෙන කෙටි කලක් තුළ අත් විඳින්නට සිදුවන අතුරු ආබාධ කිහිපයක් ඇත. එනම් දැඩි මස්පිඩු වේදනාව, හන්දිපත් රුදාව, උණ, හිසරදය, තෝන්තු ගතිය, ඇතැම් පුද්ගලයන්ට වමනය, පාචනය සහ ඔක්කාරයද ඇති වෙයි. මෙම තත්ත්ව උපරිම වශනේ දින තුනක් පමණ පවතින බව වෛද්‍ය මතයයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතුරු ආබාධවලට හේතුව ලෙස වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ එය නිර්මාණය කර ඇති රටාව තුළ එන්නත සිරුර තුළ සක්‍රිය වෙද්දී සිරුරෙහි ඉහත කී ශාරීරික වෙනස්කම් සිදුවන බවය.

SARS-CoV-2 වයිරසය

කොවිෂීල්ඩ් එන්නත  නිපදවීමේද එය නිපදවා ඇත්තේ කොවඩ් 19 ට හේතුවන SARS-CoV-2 වයිරසයේ කොටසක් සහ තවත් ඇඩිනෝ වෛරස කාණ්ඩයේ වෛරසයක් සමඟ මුසු කරමිනි.

ඇඩිනෝ වෛරස කාණ්ඩයද  භයානක තත්ත්ව අති නොකරන එහෙත් උණ සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්ව ඇති කරවන වෛරසයකි. පර්යේෂකයන් මෙම එන්නත නිපදවීමේදී ද කර ඇත්තේ කොරෝනා ඇතිකරවන SARS-CoV-2  කොරෝනා වෛරසයේ මතුපිට ඇති උල් සහිත ස්වභාවයේ ප්‍රෝටීනවල ජාන මෙම අඩිනෝ වෛරසය තුළට ඇතුළු කිරීමය.  එනම් මෙම උල් ඇති තරන ප්‍රෝටීනයේ ඩී.එන්.ඒ අණු ඇඩිනෝ වෛරස තුළට  එක් කිරීමය.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් පිළිබඳ පර්යේෂකයන් කළේ මේ සඳහා නව්‍යකරණයකට ලක් කරන ද ඇඩිනෝ වෛරසයක් වන ChAdOx1 යොදා ගැනීමය . මේ නව්‍යකරණයේ අරමුණ එම ඇඩිනෝ වෛරසය එන්නත්කරණයේදී  මිනිස් සිරුරේ සෛල තුළට ඇතුළු වූ පසුව අලුත් සෛලවලට බෙදීම එනම් ගුණනය වීම පාලනය කිරීමය. මෙම එන්නත සෙසු එන්නත් මෙන් ජානමය කොටස සඳහා ආර්.එන්ඒ කොටස නොමැතිව ඩී.එන්.ඒ කොටස පමණක් භාවිත කිරීම හේතුවෙන් එය සාමාන්‍යයෙන් රළු එන්නතක් ලෙසින් සැලකෙයි.

ඇඩිනෝ වෛරසවල සෛල බිත්තියද ඝනකම් නිසා එහි ඇතුළත පවතින ජානමය කොටස් පිටතට ලෙහෙසියෙන් බිඳී පැමිණෙන්නේද නැත. මෙම එන්නත දැඩි ශීත තත්ත්ව අවශ්‍ය නොවන්නේත් එය සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක පවත්වාගෙන යාහැකි වන්නේද  මෙම රළු ස්වභාවය නිසා බව කියැවෙයි.

මේ නිසාම මෙම එන්නත නිෂ්පාදනය කිරීමේ වියදම ද සාපෙක්ෂව අඩුව ඇත. වෙද්‍ය පර්යේෂකයන් පවසන්නේ මෙය සාමාන්‍ය කෝපි කෝප්පයක් බොන මිලට ලබා දිය හැකි බවය. මේ නිසා එක්තරා ඇමෙරිකානු පුවත්පතක් එය  කැපචිනෝ කෝපි  එකක මිලට සමාන බව පවසා ඔක්ස්ෆර්ඩ් එන්නත “වැක්සිනෝ“  එකක් ලෙසට හඳුන්වා තිබුණි.

මේ එන්නත විද්දාම මොකද වෙන්නේ?

සාමාන්‍යයෙන් මෙම එන්නත විදිනුයේ  වම් අතේ බාහුවටය. වමත හුරු අයට දකුණතේ බාහුවට ද විදින අවස්ථා ඇත. මෙසේ විදන විට අපේ ශරීරයේ සෛල තුළට ඇතුළු වන ඇඩිනෝ වෛරසය සෛලයට ඇතුළුවත්ම  බුබුලක ආවරණයක් නිර්මාණය කරයි.  මෙම බුබුල කෙමෙන් සෛලය මැදට තල්ලු වන අතර එම බුබුළ බිඳගෙන එන ඇඩිනෝ වෛරසය සෛලයේ න්‍යෂ්ටිය තුළට ඇතුළු වෙයි.

එන්නත විද්ද පසු සිදුවන දේ

ෙසෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ මෙම න්‍යෂ්ටිය තුළය. එහිදී සිදුවන්නේ ඇඩිනෝ වෛරසය තුළ පවතින කොවිඩ් වෛරසයේ උල් සතිත ප්‍රෝටීන කොටස් ඇති කරවන ඩී.එන්.ඒ කොටස න්‍යෂ්ටිය තුළදි  ආර්.එන්.ඒ කොටස් බවට පත් වීමය. එයින් පසුව අපේ ශරීරයේ ආරක්ෂාව එනම් ප්‍රතිශක්තියේ වගකීම ගන්නේ මෙම ආර්.එන්.ඒ ය. ඊළඟ පියවර වන්නේ මෙම ආර්.එන් ඒ සිරුරේ සෛල න්‍යෂ්ටියෙන් පිටතට විත් එම ප්‍රවේණික ද්‍රව්‍ය ආධාරයෙන්  උල්මය ප්‍රෝටීන අනු නිර්මාණය කිරීමය.

මෙසේ  නිර්මාණය කරන  මෙම උල්මය ප්‍රෝටීන සෛල බිත්තියෙන් පිටතට පැමිණේ.  ඒවා සෛල තුළින් පිටතට එද්දී ශරීරයට ආගන්නතුක ද්‍රව්‍ය බවට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සංඥා ලබා ගනී. මෙම ප්‍රෝටීනවලට අමතරව එන්නත මඟින් ශරීරයට ඇතුළු වන ඇඩිනෝ වෛරසයට එරෙහිව ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදි වන අතර ආගන්තුක සෛල ඇතුළුව ඇති බවට ලැබෙන පනිවුඩ හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මෙම ප්‍රෝටීනවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ සෛල නිපදවීම ආරම්භ වෙයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ බී  සෛල සහ ටී සෛල නමින් හැඳින්වෙන සෛල එක්ව මෙම කොවිඩ් වෛරසයේ ජාන සැකැස්මට අදාළ ප්‍රෝටීනයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියක් එයින් පසුව සිදුවෙයි. යම් හෙයකින් වෛරසය ශරීරයට ඇතුළු වුවහොත් මුලින්ම  මෙම ප්‍රතිදේහවලින් වෛරසය මෙල්ල කෙරෙයි.   එයට අමතරව තවත් ප්‍රතිදේහ ජනක සෛලද මෙම ක්‍රියාවලිය නිසා  බිහි වෙයි. එම ප්‍රතිදේහ ජනක කොවිඩ් 19 වෛරස ආසාදිත සෛල මුලුමනින්ම විනාශ කරයි.

මෙම ක්‍රියාවලිය සක්‍රිය වීමත් සමඟම ශරීරයේ සෛල තුළ සිදුවන ක්‍රියාවලියක් තිබේ. එහි ඵලයක් වශයෙන් විවිධ අතුරු ආබාධ හට ගැනීම අපේක්ෂා කළ යුතු දෙයක් බව වෛද්‍ය පර්යේෂකයන්ගේ අදහසයි. කෙසේ වුවද මෙම එන්නතේ කාර්යක්ෂමතාව දළ වශයෙන් සියයට 90ක් පමණ බව කියවෙයි. එයින් කියැවෙන්නේ යම් ලෙසකින් එන්නත ලබා ගත් අයගෙන් සියයට 10ක් පමණ අතර පිරිසකට මෙය ආසාදනය වීමේ ඉඩක් පවතින බවය. එහෙත් එසේ ආසාදනය වුණත් එයින් ඔවුන්ට ඇතිවන සංකීර්ණතා සංකූලතා මෙම එන්නත නිසා නැතිව යයි. එනම් ජීවිත අවදානම පහත හෙළයි.

මෙම එන්නත මඟින් ලැබන ප්‍රතිශක්තිය සර්වාකාරයෙන්ම සාර්ථක කර ගන්නට නම් මාත්‍රා දෙකක් ලැබිය යුතු වෙයි. ඒ පළමු එන්නත ලැබීමෙන් මාසයක පමණ කාලයකින් පසුවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 5කටත් වඩා වටිනා ගංජා හේන් 05ක් වටලා විනාශ කරයි….

Next Post

පී.සී.ආර් සඳහා දිනකට වැයවන රුපියල් කෝටි 10 එන්නත්කරණය නිසා ඉතිරි කර ගත හැකියි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.