සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් අද දින (04) වාර්තා කළේය.
මග්ගොන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කටුගස්තොට පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බියගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දික්වැල්ල බෝදරකන්ද පදිංචි 78 හැවිරිදි කාන්තාවක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එසේ මියගොස් තිබිණි. මේ වනවිට ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 339කි.
මේ අතර අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 704ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 704 ඉක්මවා ගියේය.
මේ සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති සියලුම ලේඛණ පහත දැක්වේ.










