අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ පෙළපාළියේ යන කෙනෙකුට දවසට රුපියල් 50000ක්…

by editor
පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

ජිනීවා මානව හිමිකම් කොමිසම ඉලක්ක කරගෙන සංවිධානය කර, සියලුම අධිකරණ නියෝග කඩකරමින් මේ වනවිට පවත්වාගෙන යන ටී.එන්.ඒ උද්ඝෝෂණයට සහභාගී වන පුද්ගලයෙක් වෙනුවෙන් එක් දවසක් සඳහා රුපියල් පනස් දහසක් දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඊයේ (03) රාත්‍රියේ පෙළපාළිය අවසන නම් ගම් හැඳුනුම්පත් සටහන් කරමින් සංවිධායකවරු මූලික ලෙඛණය සකස් කර තිබිණි.  ඒ අනුව දින හතරක් ගෙවා යාපනය බලා යන පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ දෙකක ගෙවීමක් කිරීමට සූදානම් කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග වාර්තා කර ඇත.  මෙම ප්‍රතිපාදන දෙමළ ඩයස්පෝරාවෙන් ලැබෙන බව වාර්තා වේ.

“අතුරුදහන් වුවන්ට සිදු වුයේ කුමක්ද? දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙනු. යන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (03)  මෙම  විරෝධතා පෙළපාළිය පොතුවිල නගරයෙන් ආරම්භ විය.

අනිද්දා (06) එය යාපනයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.     විරෝධතා ව්‍යාපාරයට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සූමන්තිරන්, රාසමානික්කන් ෂානක්කියන් , ගෝවින්දන් කරුණාකරම්, ගජෙන්දන් කුමාර් පොන්නම්බලම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීන්න තම්බි යෝගේෂ්වරන් යන මන්ත්‍රීවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් ආරම්භයේ දී සහභාගී වී සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරම්භක අවස්ථාවේ හැර අධිකරණ  නියෝග ලබා ගත් කිසිම ප්‍රදේශය දී සුමන්තිරන් මන්ත්‍රීවරයා නොසිටි අතර ඔහු අද දවසේ අධිකරණ නියෝගයක් නොතිබුණු එරාවුර් ප්‍රදේශයේ දී දක්නට ලැබිණි.

මේ අතර අධිකරණ නියෝගවලට පිටුපෑම සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පොතුවිල පොලිසිය සහ තිරික්කෝවිල් පොලිසිය විසින් ඊයේම (03)  අධිකරණ නියෝගවලට පිටු පා පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.  අද අධිකරණ නියෝග කඩවූ ප්‍රදේශළුල  අනෙකුත් පොලිස් ස්ථාන හෙට (05) දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට සූදානම් ව ඇතැයි වාර්තා වේ.

නිදහස් දිනය යෙදී තිබුණු අද (04) කාත්තන්කුඩි සහ මඩකලපු පොලිස් ස්ථාන මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් මෙම පෙළපාලිය නිරත වුවන්ට අධිකරණ නියෝග පිළිබඳ දැනුම් දීම සිදු කරනු ලැබුවද වන්නි දිස්ත්‍රික් ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් ගේ නායකත්වයෙන් අඛණ්ඩව  පෙළපාලිය පවත්වාගෙන ගොස් තිබිණි.

මඩකලපුවේ දී දෙමළ ජනතාවගේ සහයෝගය මෙම පෙළපාළියට නොලැබුණත් කාත්තන්කුඩි හා එරාවුර් පොලිසිබල ප්‍රදේශවල දී මුස්ලිම් ජාතිකයෝ මේ පෙළපාළියට එක් වූහ. ඒ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධව රජයේ පිළිවෙතට විරෝධය පාමිනි.

පෙළපාළිය සංවිධානය කළ පිරිසගේ අභිමතාර්ථය වී ඇත්තේ   රජය මගින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදෙන බවට ජාත්‍යන්තරය පෙන්වීම සඳහා අවශ්‍ය වීඩියෝපට සකස් කිරීම බව නැගෙනහිර ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉතාමත්ම බුද්ධිමත්ව සංයමයෙන් කටයුතු කිරීමේ නිසා ඔවුන් අපේක්ෂා කළ ගැටුමක් ඇති නොවුන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් සමරුව ආවරණයට සූදානම් වූ මාධ්‍යවේදීන් හතකට කොවිඩ්

Next Post

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07යි… ආසාදිතයන් 702යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.