අද පැවැති හැත්තෑ තුන් වැනි නිදහස් සමරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ජාතික උත්සවය ආවරණය කිරීමට නියමිතව සිටි මාධ්‍යවේදීන් 7 දෙනෙකුට covid -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම ආසාදිත මාධ්‍යවේදීන් සියලු දෙනාම එකම රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදීන් බව වාර්තා වේ.
මාධ්‍යවේදීන් 180 දෙනෙකු පමණ එම සමරුවට පෙර ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර ඇත.
එහිදී මාධ්‍යවේදීන් 18 දෙනකු පොරොත්තු ලේඛනයේ තබා තිබුණ ද තහවුරු වි ඇත්තේ ඉන් හත් දෙනෙකුට ආසාදනය වී ඇති බව පමණි.