මෙරට දේශපාලනය තුළ සලකුණු තැබූ, සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසු විය.
නෙවිල් ප්‍රනාන්දු මහතා හිටපු දේශපාලනඥයෙකි.
1977 දී 8 වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු පානදුර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා, එවකට විපක්ෂ නායක ඒ. අමීර්තලිංගම්ට එරෙහිව විවාදාත්මක විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් ද තැබූ අයෙක් බවට කිව හැකිය.
ඒ ලෝකයේ විරුද්ධ පක්ෂ නායකයෙකුට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් පළමු යෝජනාව මෙය වීම හේතුවෙනි.
කලක් කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක්ව තිබූ ආශා සෙමන්ට්‍රල් පෞද්ගලික රෝහලද ඒ මහතාට අයත්ව තිබූ අතර එය විකිණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පසුව සයිටම්විශ්ව විද්‍යාලය වෙනුවෙන් මුදල් ආයෝජනය කළේය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ද කොවිඩ් ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.