ජාතික නිදහස් දිනය සැමරීම සඳහා යාපනයේ සිවිල් වැසියන් පිරිසක් අද (04) යාපනයේ දී පැවැත්වූ පෙළපාලියට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද සහභාගි වී තිබේ.
මෙම පෙළපාළිය සංවිධාන කරන ලද්දේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු වන අරුල් සිද්ධාර්තන් විසින් මෙහෙයවන ලද යාපනය සඳහා වූ යාපනයේ සිවිල් සමාජ මධ්‍යස්ථානය විසිනි.
අරුල් සිද්ධාර්ථන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද සම්බන්ධ වී සිටී.
ශ්‍රී ලංකා ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් සිටි පිරිස දැකගත හැකි වූ අතර යතුරුපැදි, තරුණියන්, කාන්තාවන්, පාසල් ළමුන් යන බැනර් රැගෙන යන උතුරේ ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.