පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පොලිසියේ ඉහල නිලධාරීන් කිහිප දෙනකු ඇතුළු නිලධාරීන් ගණනාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට නුදුරේදීම නියමිත බවත් ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු කිහිප දෙනකු අත් අඩංගුවට පත් විමටද බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2019 අප්‍රියෙල් 21 වැනිදා එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශෂණය කිරරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව මෙම නෛතික පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය සඳුදා මෙම විමර්ශෂණ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දුන් අතර අද පැවති නිදහස් සැමරුම් උළෙලේදීද ජනාධිතිවරයා සිය කතාවේදී සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් කරන බවය.
මෙම පොලිස් නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුද සිටින අතර ඔවුන්ගෙන් පිරිසක් පවතින නීති ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත වන අතර සෙසු පුද්ගලයන්ට පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් චෝදනා පත්‍ර ඉදිරි පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම නිලධාරීන් අතර විශ්‍රාම ලබා සිටින නිලධාරීන්ද සිටින බව







