කීර්ති ප්‍රනාන්දු –
අද දින උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපලින් ආපසු රුසියාව බලා පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
මගීන් 200කට ආසන්න පිරිසක් රැගෙන අද දවහල් දහවල් 12.50 ට කටුනායක ගුවන් තොටුපලින් යානය මොසකව් බලා පිටත්වීමට නියමිතව තිබිණ.
කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින් මෙම නියෝගය නිකත් කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් වන සෙලෙස්ටියල් එවියේෂන් සමාගම විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගයකට අනුවය. එම සමාගමට එරොෆ්ලොට් සමඟ පවතින ගනුදෙනු ප්‍රශ්නයක් මත ඔවුන් මෙම වාරණ නියෝගය ඉල්ලා තිබේ. කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංචරණ අංශයේ ප්‍රධානී වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නේ ඒ අනුවය.
මේ වනවිට ගුවන් ගමන සඳහා පැමිණි මගීන් අවට හොටල් වෙත යොමු කර තිබේ. ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී, නීතිපතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.