ශ්‍රියානි විජේසිංහ –
කොළඹ දිස්ත්‍රික්කයේ මානසික රෝගයන්ට ලක්වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.
මීට වසරකට පමණ පෙර කොළඹ දිස්ත්‍රික්කයේ සහන උපදේශන සේවාව ලබා ගැනීම සදහා 1926 දුරකථක අංකයට දිනකට ඇමතුම් 20ක් පමණ ලැබුණද මෙම සංඛ්‍යාව මේ වන විට 50ක් දක්වා වැඩිවී ඇතැයි හෙතෙම පැවසීය.
හෝමාගම මූලික රෝහලේ මෙම උපදේශන සේවාව ආරම්භ කර ඇති අතර මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක බව වෛද්‍ය ගජනායක සඳහන් කළේය .
මානසික ගැටලුවකට ලක්ව සිය දිවි නසා ගැනීමට තැත් කරන සංඛ්‍යාවේද සැලකිය යුතු වර්ධනයක මේ වන විට දක්නට ලැබෙන බැවින් ඉදිරියේදී 119 ගිලන්රථ සේවාද හවුල් කර ගනිම්න් මනෝ උපදේශන සේවාව විධිමත් කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය
කෙසේ නමුත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුධයන් සමග ජනතාව ඇතිව තිබෙන මානසික පීඩනය ඔවුන්ව විවිධ මානසික ගැටලුවලට ගොදුරු කර ගැනීම ඉහළ යා හැකි බව වෛද්‍ය ගජනායක මහතා අවධාරණය කරයි.







