සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුන්ගල්ලේ  මිනී මරන්න ගිනි අවිය හයර් කළ කමාන්ඩෝ සෙබලාට අධිකරණයෙන් රැඳවුම් නියෝග…

by editor
ඔක්තෝබර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අහුන්ගල්ල රියූ හෝටලය අසලදී පසුගිය 12 දින දහවල් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2022 ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා අහුන්ගල්ල පොලීසිය බාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර   අද (17) සවස රැදවුම් නියෝග ලබා දුන්නේය.

මෙසේ රැදවුම් නියෝග ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ කිළිනොච්චිය කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන් ගුණනෙත්තිගේ සුසන්ත කුමාර (41) නැමැති අයටය. මොහු මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.

සැකකරු තමන්ට අයත් රාජකාරි ගිනි අවිය වන අංක 2612651 දරණ ටී -56 ගිනි අවිය මෙම වෙඩි තැබීම සඳහා ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. 

සැකකරු සිය කිලිනොච්චිය යුද්ධ හමුදා කදවුරේ රාජකාරි වල නිරතව සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඊයේ (16) දින අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලීසියට බාර දී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.

අත් අඩංගුවට රැඳවුම් නියෝ ලබා දුන් අනෙක් සැකකරු වන්නේ මීගහතැන්න පොලිස් වසමේ හල්තැටිවෙල, මීගහතැන්න ලිපිනයේ පදිංචි රණසිංහ ආරච්චිලාගේ සම්පත් ප්‍රියන්ත (42) නැමැති අයයි. මොහු අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් අධාර හා අනුබල ලබා දී තිබෙන බවද පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 15 වන දින සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වෙඩි තැබීම සිදුකරන ලද ප්‍රධානතම සැකකරුවා බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබූ අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් (36) නැමැති අය බළපිටිය, බණ්ඩරවත්තේදී පසුගිය 13 රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ විසින් තබල ලද වෙඩි තැබීමකදි මියගොස් තිබේ. 

සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත්කර තිබෙන බවත් පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත් පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජීව අත් බෝම්බයද පොලීසියේ බාරයට ගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සැකකරුවන් අහුන්ගල්ල, රියූ හෝටලය අසලදී පසුගිය 12 දා දහවල් අහුන්ගල්ල, ගල්වෙහෙර පාරේ පදංචි ප්‍රදීප් කුමාර (40) නැමැති අයට වෙඩිතබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවට හදුනාගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. 

තුවාල ලැබූ අය ත්‍රීරෝද රථ රියැදුරෙකු වශයෙන් කටයුතු කරන බවත් මොහු අහුන්ගල්ල රියු සංචාරක හෝටලය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථය තබාගෙන  සිටින විටදී වෙඩි තැබීමට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

කොළඹ දෙසින් මෝටර් රථයකින් පැමිණි අයකු විසින් මෙම ත්‍රීරෝද රථ රියදුරාට වෙඩි තබා පලා ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටූවන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. ත්‍රීරෝද රථ රියදුරාගේ පාදයකට වෙඩි වැදී තිබූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි. 

මෙම වෙඩි තැබීම වැරදීමකින් සිදු වූවක් බවද ත්‍රීරෝද රථ රියදුරා කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ අයෙකු නොවන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි තට්ටය සහිත කුමාර නම් අයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවත් ත්‍රීරෝද රථ රියදුරාද තට්ටය සහිත කුමාර කෙනෙක් වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා තිබෙන බවත් මෙතෙක් කරන ලද පරීක්ෂ වලදී තහවුරු වූයේ යැයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නංගර, පොලිස් කොස්තාපල් සඳමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රූපවාහිනියෙත් ලයිට් කපයි !

Next Post

කොළඹ මනෝ උපදේශන සහය පතන්නන් දෙගුණයකින් ඉහළට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.