පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව නියෝජ්‍ය උප කුලපති මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
අධ්‍යයනය ආරම්භ කිරීම සඳහා මහා ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලා සිටියත් ඔවුන්ගේ පොරොන්දුව මෙතෙක් නොලැබීම නිසා මෙම ප්‍රමාදය සිදුව තිබෙන බව ද ඔහු පැවසීය.
මේ වන විට අදාළ පීඨය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වසා දමා සති තුනකට ආසන්න කාලයක් ගතව තිබේ. සිසුන්ට හිරිහැර කිරීම නතර කරන බවටත් එවැනි දේ කරන සිසුන් වෙනුවෙන් පෙනී නොසිටින බවටත් ප්‍රකාශ කරමින් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙස මහා ශිෂ්‍ය සංගමය වෙත පාලනාධිකාරිය දැනුම් දී තිබිණි.
එම පොරොන්දුව ලබා දෙන තුරු අධ්‍යයන කටයුතු සිදු කිරීමට ආචාර්ය මණ්ඩලය සූදානම් නොමැති බව ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක සඳහන් කරයි.
ශාස්ත්‍ර පීඨයේ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් ආචාර්යවරු විනය පාලක ආරක්ෂක ප්‍රධානී හා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවක දී මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් ශාස්ත්‍රපීඨ පීඨාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ හේතුවෙන් මාර්ගගත අධ්‍යන කටයුතු වලින්ද ඉවත්වීමට ආචාර්ය මණ්ඩලය පියවර ගත්තේය.
මහා ශිෂ්‍ය සංගමය සිසුන් වෙතින් තමන්ට තර්ජන එල්ල වන බවට ශාස්ත්‍රපීඨ පීඨාධිපතිවරයා ඉකුත් 07වැනි දින පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද සිදුවෙමින් පවතී.







