දිනසේන රතුගමගේ –
කොළඹ සිට මන්නාරමේ පේසාලේ ප්‍රදේශයට පැමිණි මවක් ඇතුලුව එම පවුලේ සාමාජිකයින් තුන් දෙනෙකු බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඊයේ (1) ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා ඇත.
මේ තිදෙනා ඉන්දියාවේ ධනුස්කොඩි අසලින් ගොස් ඉන්දියාවේ ගෝතණ්ඩමාර් වෙරළට ළඟා වී උදව් ඉල්ලා කෑ ගැසීමෙන් පසුව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ව රැගෙන ගොස් ඉන්දීය ආගමන විගමන නිලධාරීන් වෙත බාර දී ඇත.
මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන්ද පැමිණ මේ පවුල හමු වී තොරතුරු සටහන් කරගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වන තුරු ඔවුන්ව තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයක රදවා සිටිති.
මේ වසරේ මාර්තු 22 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා කාලය ඇතුළත පුද්ගලයන් 102 දෙනෙකු මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ගොස් එහි සරණාගතභාවය ලබා ගෙන තිබේ.







