දිනසේන රතුගමගේ
යාපනයේ තෙන්මරච්චි මුරුසවිල් ප්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි වයස අවුරුදු තුනක දැරියක් ඇගේ නිවසට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි කුඹුරක සිටියදී වරණි ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් විසින් බේරාගෙන ඊයේ (01) යාපනය කොඩිකාමම් පොලීසිය වෙත බාර දී තිබේ.
කබිලන් පවිත්‍රා නැමති මෙම දැරිය ඊට පෙර දින පස්වරුවේ සිට අතුරුදහන්ව ඇති බවට කොඩිකාමම් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය හා ගම්වාසීන් එම දැරිය සෙවීමේ කටයුතු වල නිරත වී තිබේ.
නමුත් මුරිසවිල් ගම්මානයේ පිරිසට ඇයව සොයා ගැනීමට නොහැකිව තිබියදී ඊට නුදුරින් පිහිටි වරණි ගම්මානයේ පිරිසකට එම දැරිය හමු වී පොලීසියට ගෙනැවිත් බාර දී තිබේ.
කොඩිකාමම් පොලීසිය එම දැරියව වෛද්‍ය පරීක්ෂණයක් සදහා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කොට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







