කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයට අනුයුක්තව සේවය කරන කළමනාකරණ සහකාරවරයෙකුට අධිකරණය විසින් අද (5) වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ තවත් සිව් වසරක සැහැල්ලු වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වෛද්‍යවරුන් සිව් දෙනෙකුගේ වැටුප් වංචනික ලෙස වෙනම බැංකු ගිණුමකට යොමු කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් විත්තිකරු වැරදිකරු වූයේය.
චූදිත ඩබ්ලිව්.ඩබ්ලිව්.ක්‍රිෂාන්ත ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ කළමනාකරණ සහකාර ලෙස සේවය කරමින් සිටියදී මෙම වංචාවක් සිදුකර තිබේ.
විත්තිකරු වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක් ගෙවන ලෙස ද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රාණරාජා නියෝග කළා.
කෙසේ වෙතත් මෙම චෝදනා දෙකටම වරද පිළිගනිමින් විත්තිකරු අධිකරණයට දන්වා සිටියේ රුපියල් මිලියන 16.6ක දඩ මුදල ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවය.
මෙම අපරාධය 2003 දී සිදු කර ඇති අතර, 2006 දී නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබිණි., සාක්ෂි විභාගය 2010 දී ආරම්භ විය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම අපරාධ ක්‍රියාවට කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවත්, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ තම සේවාදායකයාට එරෙහිව පමණක් බවත්ය.