පසුගිය 20 දා උදෑසන බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ආසන්නයේදී කැලණිය ප්‍රදේශයේ 53 හැවරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාත්‍රී සමාජ ශාලාවක කළමනාකරුවෙකු වන 33 හැවිරිදි සැකකරුවෙකුගේ ඡායාරූපයක් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් නිකුත් කර තිබේ.
20 දා උදෑසන සිය දියණියත් සමග යතුරු පැදියෙන් පැමිණි මෙම පුද්ගලයා දියණිය ඥාති නිවසකට ඇරලවා නැවත යන්නට සැරසෙන අවස්ථාවේ දී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියේය.
උණ්ඩ 26කින් ඔහුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර තිබිණි. ජාතික රෝහලට ඇතුළත් කර තිබුනේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරය. වෙඩි තැබූ පුද්ගලයින් යතුරු පැදියෙන්ම පලාගොස් තිබුණේය.
මිය ගිය පුද්ගලයා කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ එවකට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙක් බවත් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතන සිද්ධියට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන සිටි අයෙක් බවත් පසුව විමර්ශන අංශ හෙළි කරගත්තේය.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන් අනාවරණ කළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එක් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
සැකකරු ජාතික හැඳුනුම්පත් අංක 890790410V දරන ලංකා ඒකනායක නැමැති පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත. ඔහු අංක 396/4/A/B, අයි.ඩී.එච්පා ර, ගොතටුව ලිපිනයේ සහ අංක 75/34, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10 යන ලිපිනයේ පදිංචිව සිට ඇති බව කොළඹ පරාධ කොට්ඨාසය කියයි.
සැකකරුගේ වම් අතේ පච්චයක් කොටා ඇති බවත් සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ දුරකථන අංක 0718591733ට හෝ කොළඹ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංක 0718591735 හෝ න විමර්ශන ඒකකය 01 ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංක 0718596503 ට අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි.