කොවිඩ් වයිරසය මර්දනය සදහා විටමින් සී හෝ විටමින් ඩී ලබා දීමේ කිසිදු පලක් නොවන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.
කොවිඩ් වයිරසය පැතිර ගිය මුල් කාලයේදී වෛද්‍යවරුන් කොවිඩ් රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන් නමුත් පසුව කරන ලද සොයාබැලීම් වලින් තහවුරු වූයේ විටමින් සී හෝ ඩී කොවිඩ් වයිරසයට බලපෑමක් කළ නොහැකි බව යැයි විශේෂඥවරයා පෙන්වා දෙයි.
කිසියම් රෝගයක් සඳහා වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර ලබා ගැනීමට යන ඕනෑම රෝගියෙකු තමාට වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ මොනවාද යන්න පිලිබඳව විමසා දැන ගැනීම ඉතාමත් වැදගත් බව ඔහු පෙන්වාදේ.
ඇතැම් රෝගයන් සඳහා ලබා නොදිය යුතු ඖෂධ ලබා දීමට ඇතැම් වෛද්‍යවරු පෙළඹෙන බවත් ඔහු සමග කථා කිරීමෙන් මෙවැනි අවදානම් තත්ත්වයන් මගහරවා ගත හැකි බවද විශේෂඥවරයා සඳහන් කරයි.







