මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ ආගිය අතක් නැති බව පැවසුව සිදුවී ඇත්තේ වන අලින වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම බවත්, ගිරිතලේ, මින්නේරිය හා පරාක්‍රම සමුද්‍රය මෙම වර්ෂය පුරාම ජලයෙන් පිරී පැවැති හෙයින් එම භූමියේ ආහාර හිඟය මේ සංක්‍රමණයට හේතුව බවත් වන ජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශයේ වන අලි 350ක පමණ රංචුව දක්නට නොලැබීම සම්බන්ධව මාධ්‍ය මගින් කළ ප්‍රකාශය සම්බන්ධව වනජීවී ඇමති මහින්ද අමරවීර වනජීවි දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී වන ජීවී දෙපාර්තමේන්තුව ඒ බව ප්‍රකාශ කර ඇත
වන අලින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට වන අලින්ගෙන් සිදුවන හානි ඉහළගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය.
මෑතක දී සිදු කළ ගණනයන්‌ට අනුව මෙරට වනඅලි ගහණය 7000 ඉක්මවා ඇති බවත් ඒ අතර දළ ඇතුන් සංඛ්‍යාව 142ක් වන බවද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහණය පිළිබඳව සඳහන් වුයේ එම සතුන් ප්‍රමාණය 5600ක් පමණ වන බවයි.