නතාෂා නෙත්මිණි –
කොවිඩ් ආසාදිත රෝගියෙකු දින 10ක් පුරා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුල රැදීමට සිදු වුවද ඇතැම් ආසාදිතයින්ට එවැනි මධ්‍යස්ථානයන් තුල රැදීමට සිදුව ඇත්තේ එක් දිනක් පමණ යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය පෙන්වාදේ.
ආසාදිතයාට දින 9ක්ම තම නිවසේ ගත කිරීමට සිදුව ඇත්තේ පීසීආර් පරික්ෂණ වාර්තාවන් ප්‍රමාද වීමෙන් යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
පීසීආර් වාර්තාවන් දින දෙකක් තුලදී ලැබීය යුතු නමුත් ඒ සදහා දින හයක් වැනි කාලයක් ගත වන බවත් ඒ අනුව එම ආසාදිත පුද්ගලයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමට සදහා ගිලන්රථයක සොයා ගැනීම සදහා තවත් දින දෙකක වැනි කාලයක් ගත වන බවත් පෙන්වා දෙන රෝහණ මතහා කොවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථායක් වෙත රදවා ගැනීමේ කාලය දින 10 දක්වා අඩු කිරීම තුල මෙවැනි රෝගියෙකුට එහි රැදී සිටීමට සිදුවන්නේ දින දෙකක් හෝ තුනක් වැනි කාලයක් බවද සදහන් කරයි.
දිනකට හෝ දෙකකට ආසාදිත පුද්ගලයාව ඈත ප්‍රදේශයකට ගෙන යාම පල රහිත කාර්යයක් බවත් ඇතැම් පුද්ගලයින් දින 10න් දින 9ක්ම නිවසේ රැදී සිට එක් දිනක් පමණක් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත රැදී සිට නැවත පසුවදාම නිවසට පැමිණීම් වාර්තා වී ඇතැයිද සභාපතිවරයා පෙන්වාදේ.