කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ මෘත ශරීර ගබඩා කරගත නොහැකි සේ ගොඩගැසී ඇතැයි වාර්තා වේ.
මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ කොවිඩ් ආසාදිත මළ සිරුරු ප්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබීමත්, නවතම ක්‍රමවේදය යටතේ පුද්ගලයෙක් මිය ගිය පසු කොවිඩ් ආසාදිත ද නැද්ද යන්න පිළිබඳව පී.සී.ආර් පරීක්ෂණයක් කිරීමට නියම වී තිබීමත්ය. පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වීමට දින කීපයක් ගත වන බැවින් මෙසේ මෘත ශරීර ගොඩ ගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
සාමාන්‍යයෙන් ජාතික රෝහලේ මෘත ශරීරාගාර ශිතකරණවල ගබඩා කළ හැක්කේ මෘත ශරීර 22ක් වුවත් මේ වනවිට මෘත ශරීර 42ක් ගොඩගැසී ඇති බව වාර්තා වේ. එහෙත් වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍යයට කීවේ කිසිම ආකාරයකට රෝග ව්‍යාප්ත නොවන සේ මෙම සිරුරු තැන්පත් කර ඇති බවය.
එමෙන් සෞඛ් සේවාය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ මූලික වියදම් දැරිය නොහැකි කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සිරුරු සඳහා අවසන් කටයුතු රජයේ වියදමින් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවය.