නතාෂා නෙත්මිණි
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නියුමෝනියා තත්ත්වය උත්සන්න වී ඊයේ (9) රිජ්වේ ආර්යා රෝහලේදී මිය ගිය බිළිඳාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති බව රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර තිලකසිරි සඳහන් කරයි.
කොවිඩ් නිරෝධායන නීති ප්‍රකාවර ආදහන කටයුතුකිරීමට සැලසුම් කර තිබේ..
මේ වන විට දේහය බෝඩි බෑගයක දමා සීල්කර රෝහලේ මෘත ශාරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවෙන් පසුව දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
දරුවාගේ අවසන් කටයුතු සදහා මවට සහ පියාට සහභාගී වීමට අවසර ලබා දෙන බවද හෙතම සඳහන් කළේය.