ආදේශක සහායකයින් 1391 දෙනෙක් වෙත ස්ථිර සේවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
අමාත්‍යාංශ මණ්ඩල අනුමැතිය මත සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ උපෙද් මත පත්වීම් ලබා දීම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ පිරිසක් සමග කළ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් ඕනෑම මොහොතක අවශ්‍ය සැම මුදලක්ම සැපයීමට පියවර ගන්නා බවය.
මේ වනවිට මෙරට ලක්ෂ එක හමාරකට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සිටින අතර ඉන් විසි දෙදහසකට ආසන්නව සෞඛ්‍ය කාර්ය සහායකයින් පිරිසක් සිටින බව අමාත්‍යාංශය කියයි.
ස්ථිර පත්වීම් ඉදිරි දිනවල දී සිදු කිරීමට නියමිත බව ඇමතිවරයා කීවේය.