කෙළවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් පවරා ඇත්තේ ඇමරිකාවේ බංකොලොත් සමාගමකට බව වාර්තා වේ.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තබමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව හෙළිදරවු කළේය.
ඔහු පවසන්නේ කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ 40% ක කොටස් විකුණන ලද ඇමරිකානු සමාගම නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවත් එහි ගිණුම් වාර්තා අනුව පසුගිය වසර පහක කාලය ඇතුලත ඩොලර් මිලියන 350 කට වැඩි ප්‍රමාණයක් අලාභ ලබා ඇති බවත්ය.
බංකොලොත් වීමට ආසන්න සමාගමකට මෙරට LNG ඒකාධිකාරිය ලබා දෙන්නේ කෙසේදැයි ආණ්ඩුවේ සිටින ආර්ථික ඔස්තාර්ලා පිළිතුරු දිය යුතු බව ඔහු කියයි.
බංකොලොත් වීමට ආසන්න මෙම ඇමෙරිකානු සමාගමට යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම පිළිබඳව ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.