කුස්වල වෙද හාමුදුරුවෝ අද (28) අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ. කුස්වල කොටරූපේ පුෂ්පාරාම උභය විහාරාධිපති පූජ්‍ය මහාඇලගමුවේ ලංකානන්ද නාහිමියන් ප්‍රකටව සිටියේ කුස්වල වෙද හාමුදුරුවන් නමිනි.
උන්වහන්සේ දේශීය වෛද්‍ය විශාරද, ආයුර්වේද වෛද්‍ය චක්‍රවර්ති, ශ්‍රී විද්‍යාපති මෛත්‍රී භූෂණ, ශාසන කීර්ති, පණ්ඩිත යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා ඇත.
පාරම්පරික සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස උන්වහන්සේ ප්‍රකටව උන්හ. සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්‌මාරය, සියලුම ආකාරයේ ස්‌නායු රෝග, අක්‌ෂි රෝග, මී මැස්‌මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරන බවට ප්‍රසිද්ධියක් ඉසිලූහ.
මත්ද්‍රව්‍ය සහ සියලු මද්‍යසාර සඳහා අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්‌ද උන්වහන්සේ පවත්වාගෙන ගියහ.
පන්සලේ ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය හෙට පස්වරු 2.00 කුස්වල කනිෂ්ඨ විද්‍යාල භූමියේදී සිදුකිරීමට නියමිතය.







