කීර්ති ප්‍රනාන්දු –
ඉන්ධන ගැටලුව යම් ප්‍රමාණයකට විසඳා ගත හැකි වූ බවත් හෙට (29) හැකි උපරිමයෙන් පාසල් වෑන් රථ ධාවනය කිරීමට සූදානම් බවත් පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා පවසයි.
දින තුනක් තිස්සේ ඉන්ධන ඩිපෝවලටත් නොලැබීම හේතුවෙන් ද ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ලබා ගැනීමට ඉන්ධන නොතිබුණ බැවින් ද ඊයේ වනවිට පාසල් වෑන් රථ ධාවනයට ගැටලුවක් පැන නැගී තිබුණු බව ඔහු කීවේය.
නමුත් මේ සම්බන්ධව අධ්‍යාපන ඇමතිවරයා දැනුම්වත් කළ පසු ඇමතිවරයා බලශක්ති ඇමතිවරයා හා සාකච්ඡා කර ඩිපෝ වෙත ඉන්ධන යම් ප්‍රමාණයක් මුදාහැර තිබුණු බව සභාපතිවරයා පැවසුවේය.
එහෙත් ගම්පහ වැනි ඇතැම් ඩිපෝවලින් ඉන්ධන නිකුත් කර නැති නිසා යම් ප්‍රමාණයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබෙන නමුත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ අතලොස්සක් වාහන හැර බහුතර වාහන ප්‍රමාණයක් හෙට පාසල් ප්‍රවාහන කටයුතු සඳහා එක්වනු ඇතැයි කීවේය.